29.3 C
Sri Lanka
Friday, September 5, 2025
Homeදේශීය පුවත්කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් තොටේදී මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්...

කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් තොටේදී මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්…

චිනයේ පැවැත්වෙන 2025 යොවුන් කරාතේ තරඟාවලිය සඳහා සහභාගි වීමට නියමිතව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඊයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී මුහුණ දීමට සිදු වූ අපහසුතාවය පිළිබඳව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය කණගාටුව ප්‍රකාශ කරන අතර වහාම ක්‍රියාත්මක වන පරිදි සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස පත් කරන ලද කාර්ය සාධන බලකායට (Working Task Force) උපදෙස් ලබා දී ඇත.

ක්‍රීඩා තරඟාවලි සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටත් කර හැරීමේ සම්පූර්ණ වගකීම අදාළ සංගමය සතු අතර නියමිත කාලය තුල දී වීසා බලපත්‍රය සහ ගුවන් ටිකට්පත් ලබාගැනීම සම්මෙලනයේ අදාළ බලධාරින්ගේ වගකීමක් වේ. මෙලෙස නොසැලිකිලිමත් ලෙස ක්‍රීඩකයන්ව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීම පිළිබඳ අදාළ පර්ශවයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශය බලාපොරොතු වේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන්, පරිපාලකයින් සහ අනෙකුත් සහයකයින් ඇතුළු ක්‍රීඩාවේ සියලුම පාර්ශවකරුවන් දූෂණයෙන්, වෙනස් කොට සැලකීමෙන් සහ අක්‍රමිකතාවන්ගෙන් තොර ක්‍රියාවලියකට සහභාගී වන බව සහතික කිරීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සෑමවිටම වෙහෙස මහන්සි වේ.

එබැවින් මෙම අභිලාෂය යාතාර්ථයක් කරගැනීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ලියාපදිංචි සෑම ජාතික ක්‍රීඩා සංගමයකම කැපවීම සහ අවංක උත්සාහය සෑමවිටම අපේක්ෂා කරන අතර ඊයේ දිනයේ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දුන් ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් අනාගතයේ නැවත සිදුවීම වැළැක්වීමේ අත්හල නොහැකි වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයට මෙන්ම අදාළ ක්‍රීඩාවන්ගේ ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලනවලට ද එක ලෙසම පවතින බව සිහිපත් කරමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments