යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ( 01) යාපනය මණ්ඩතිව් දූපතේ දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක් වූ ජනපති අනුර කුමාර දිසානායක පැවසුවේ, යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හුදු ක්‍රීඩාංගනයක් පමණක් නොව රටේ සමගිය ගොඩනගන අවස්ථාවක් වන බවයි.
එමෙන්ම යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය මේ වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළතත් පැවැත්වීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා, ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තැබූ මෙම පියවර ඇගයීමට ලක් කරන ලදී.
මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, යාපනය දිස්ත්‍රික්කයට මෙවැනි ඉදිකිරීමක් හිමි වීමම, එහි ජීවත් වන දරු දැරියන්ට පමණක් නොව, සියලුම දෙනාටම මහඟු සම්පතක් වන බවයි.