27.5 C
Sri Lanka
Tuesday, September 9, 2025
Homeදේශීය පුවත්ඔබ කුමන රටක රැකියාවකට ගියත් එම රටේ භාෂාව ඉගෙන ගෙන යෑම වැදගත්...

ඔබ කුමන රටක රැකියාවකට ගියත් එම රටේ භාෂාව ඉගෙන ගෙන යෑම වැදගත්…

ඔබ කුමන රටක රැකියාවකට හෝ අධ්‍යාපනය ලැබීමට යන්නේ නම් එම රටේ භාෂාව හොඳින් ඔබ ඉගෙන ගෙන එම රටට යෑම ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරන පළමු යතුර බව කොරියානු මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා පවසයි. අද කොරියානු භාෂාව කියන්නේ ඔබට මුළු ලෝකෙටම ඇතුල් වෙන්න පුළුවන් භාෂා පාස්පෝට් එකක්.ඔබ කොරියන් භාෂාව හොඳින් ඉගෙන ගත්තොත් ඔබට කොරියාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක හොඳ වැටුපක් ලැබෙන රස්සාවකට යන්න විතරක් නෙමෙයි මුළු ලෝකෙම පිළිගත්ත කොරියාවේ විශ්ව විද්‍යාලයකටත් යන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ,කෘතිම බුද්ධිය හෙවත් AI,සංචාරක ක්ෂේත්‍රය, ඉංජිනේරු හෝ ව්‍යාපාර කළමනාකරණ වැනි අද මුළු ලෝකෙම ඉහළම පිළිගැනීමක් තිබෙන උපාධි පිරිනමන විශ්ව විද්‍යාල කොරියාවේ ඇති බවය. ඔබ හරියට මාස හයක් කොරියානු භාෂාව ඉගෙන ගත්තොත් ඔබට පුළුවන් මුළු ලෝකෙම ජයගන්න යැයි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලද සිංහලෙන් කොරියානු භාෂාව උගන්වන, කොරියානු මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා ප්‍රකාශ කළේ,පසුගියදා (06) ගම්පහ British Center හි පැවති කොරියානු භාෂාව පිළිබඳ තරුණ සම්මන්ත්‍රණයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය කිම් මහතා කියා සිටියේ,ලෝකයේ අධ්‍යාපන සහ රැකියා ක්ෂේත්‍රයේ ආසියානු කලාපයට විශාල ඉල්ලුමක් ඇති බවත්,ගැටලුව ඇත්තේ ඒ රැකියා සඳහා යෑමට ලංකාවේ අයට ඒ රටට අදාළ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම බවය.

British Center හි සභාපති නාලන් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මන්ත්‍රණයේ දී අදහස් දැක් වූ එහි අධ්‍යක්ෂ හෂාන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ලෝකයේ විවිධ රටවල රැකියා සහ අධ්‍යාපනය සඳහා යෑමට අවස්ථාව සලසා දීම සඳහා ලාභ පරමාර්ථයකින් තොරව විවිධ භාෂා තම මධ්‍යස්ථානයේ දී හැදෑරීමට අවස්ථාව සලසා ඇති බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments