20 C
Sri Lanka
Sunday, December 7, 2025
Homeදේශීය පුවත්නව ප්‍රවණතා හා කාලීන අවශ්‍යතාවය හදුනාගනිමින් නව ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ඇති වැදගත්කම...

නව ප්‍රවණතා හා කාලීන අවශ්‍යතාවය හදුනාගනිමින් නව ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ඇති වැදගත්කම පෙන්වාදෙයි…

නව ප්‍රවණතා හා කාලීන අවශ්‍යතාවය හදුනාගනිමින් නව ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ඇති වැදගත්කම ජාතික උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන කමිටුවේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දෙයි.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස්විය.

මෙම රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර රැස්වීමේදී ජාතික අධ්‍යාපන නවෝත්පාදන ප්‍රමුඛතා, ගෝලීය ප්‍රමිතීන් හා දේශීය අවශ්‍යතා අතර සම්මුතිය සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

මෙහි දී උසස් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාලීන අවශ්‍යතාවය අවධාරණය කරන ලද අතර දැනට පවතින ප්‍රතිපත්තීන්, නීති සහ නියාමන රාමු සමාලෝචනය කර, නව යුගයේ අභියෝගයන්ට ගැළපෙන ආකාරයෙන් යාවත්කාලීන කිරීම අවශ්‍ය බව අමාත්‍යවරිය අවධාරණය ‍කරන ලදි.

සියලු උසස් අධ්‍යාපන සැපයුම්කරුවන් සඳහා විවෘත සහ ගුණාත්මක නියාමන රාමුවක් නිර්දේශ කිරීමේ වැදගත්කමත්, ජාතික සංවර්ධන ප්‍රමුඛතා හා ගෝලීය ප්‍රමිතීන් සමග උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගමන සම්බන්ධ කරගැනීමේ වගකීමත් විශේෂයෙන් අවධාරණය කෙරිණි. එමෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මෙම නව ජාතික ප්‍රතිපත්ති සමාලෝචනය හරහා මූලික මට්ටමේ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති සංවර්ධන යෝජනා ගොඩනැගීමේ අරමුණ ඉටු කිරීමට පියවර ගත හැකි වනු බවත් අමාත්‍යවරිය ‍වැඩිදුරටත් පෙන්වාදෙන ලදි.

මෙම අවස්ථාවට අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන) ඒච්.ඩී. චන්දිමා ජානකී මහත්මිය සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ආචාර්යවරු සහ විශේෂඥයන් විශාල පිරිසක් සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments