21.8 C
Sri Lanka
Monday, October 13, 2025
Homeදේශීය පුවත්රොබෝ තාක්ෂණයෙන් ගල්ගමුවේ සිසු​වෙක් ජය ගනී...

රොබෝ තාක්ෂණයෙන් ගල්ගමුවේ සිසු​වෙක් ජය ගනී…

සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගයේ සමස්ත ලංකා මට්ටමේ ප්‍රථම ස්ථානය ගල්ගමුව මාකලානේගම කනිෂ්ඨ විද්‍යාලයේ එච්. එම්. තුසර හංසමාල් ශිෂ්‍යයා හිමිකර ගත්තේය.

එම තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබිණ. තුසර හංසමාල් එම විදුහලේ එකොළහ ශ්‍රේණියේ ඉගෙනීම ලබන දක්ෂ ශිෂ්‍ය‌​ෙයකි. එම විද්‍යාලය තුළ පරිගණක විෂයට අවශ්‍ය උපකරණ හෝ ගුරුවරයෙක් නොමැති අතර බාහිර සම්පත් දායකත්වය යටතේ හසිඳු තීක්ෂණ වන්නිනායක, තුසර හංසමාල් මෙම තරගාවලිය සඳහා සූදානම් කර තිබේ. විදුහල්පති අශෝක බණ්ඩාර වාසලගේ මග පෙන්වීම හා උපදෙස් මත එම කටයුතු සිදුකර ඇත.

එච්.එම්.තුසර හංසමාල් ශිෂ්‍යයා මෙසේ තම අදහස් ඉදිරිපත් කළේය.

‘‘මට පසුගිය සැප්තැම්බර් මස 25 වන දින කොළඹ අපේගම පරිශ්‍රයේ පැවැති සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණා… මගෙ නිර්මාණය වුණේ අධ්‍යාපනික වශයෙන් වැදගත් web game එකක්.

අපේ පාසලේ නම ගල්/ මාකලානේගම කනිෂ්ඨ විද්‍යාලය. අපේ පාසලේ තියෙන ගොඩක් අඩුපාඩු මැද්දෙ තමා මට මේ ජයග්‍රහණය ලබන්න පුළුවන් වුණේ. අපේ පාසලේ පරිගණක විද්‍යාගාරයක් තිබුණෙ නෑ. පරිගණක තාක්ෂණය ගැන උගන්නන්න ගුරුවරයෙක් හිටියෙත් නෑ. පෞද්ගලික ආයතනයකින් පාසලට ලැබුණ කම්පියුටර් කීපයක් තිබුණා. අපේ පාසලේ කලින් නියෝජ්‍ය විදුහල්පති විදිහට වැඩ කරපු ටීචර්ගෙ පුතා. හසිඳු තීක්ෂණ වන්නිනායක, එයා අපිට පරිගණක තාක්ෂණ විෂය ගැන උගන්නන්න පටන් ගත්ත.

ඊට පස්සෙ අපිට ඒ අයිය web developing, Games create කරන්න එහෙම ඉගැන්නුව.

මට මේ ජයග්‍රහණය ලබන්න ගොඩක් අය උදව් කළා. ඒ අතරින් මට මේ පිළිබඳ දැනුම ලබා දීපු හසිඳු තීක්ෂණ වන්නිනායක සර් ප්‍රධාන වෙනව. සර් හිටියෙ නැත්තම් කවදාවත් මෙවැනි ජයග්‍රහණයක් ලබන්නත් බෑ. අපේ පාසලේ හිටපු විදුහල්පති ජේ. ඒ. විජේදාස සර්, අපේ පාසලේ අනෙක් ගුරුවරු හැමෝම, සහ වර්තමාන විදුහල්පති අශෝක බණ්ඩාර වාසල සර්ත් ගොඩක් උදව් කළා මට. මගෙ පවුලෙ මමයි, මල්ලියි, මගෙ තාත්තයි, අම්මයි ඉන්නෙ. මගෙ තාත්ත දැනට සේවය කරන්නෙ ශ්‍රී ලංකා නාවික හමුදාවෙ. මට මගෙ පවුලෙන් සහයෝගය ගොඩක් ලැබුණ මේ ජයග්‍රහණය ලබන්න. අපේ පාසලේ තව මට වඩා දක්ෂ සිසු සිසුවියන් ඉන්නව. දැනට පාසලේ ගොඩක් අඩුපාඩු තියෙනව. ලොකුම අඩුපාඩුව තමා පාසල I.C.T. ගුරුවරයෙක් සහ පරිගණක විද්‍යාගාරයක් නැති එක.’’

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments