සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාවට හිමි සම්මානය ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට...

ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාවට හිමි සම්මානය ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට…

කොළඹ වික්‍රමපාල

ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාවට හිමි සම්මානය ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට හිමිවි තිබෙනවා.

ඒ බොට්ස්වානා රාජ්‍යයේ ගැබරෝන් නුවර පැවැති සම්මාන උළෙලේදීයි.

බොට්ස්වානා ස්වාධීන මැතිවරණ කොමිසම සහ පාර්ලිමේන්තු අධ්‍යයන සඳහා වු ජාත්‍යාන්තර මධ්‍යස්ථානයේ සම සත්කාරකත්වයෙන් එම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාවට එම සම්මානය හිමිවුයේ යහපත් පුරවැසියන්ගෙන් සමන්විත ප්‍රජාවක් නිර්මාණය කිරීමට දරණ උත්සහය අගයමින්.

මැතිවරණ ක්ෂේත්‍රයේ භාවිතයන් නිවැරැදිව යොදා ගැනීම, සාක්ෂි මත පදනම්වු පර්යේෂණ සහ ප්‍රතිපත්ති එළිදැක්වීම යන නිර්නායක ද එම සම්මානය පිරිනැමීම සඳහා සළකා බලා ඇත.

මැතිවරණ කොමිසම වෙනුවෙන් එම සම්මානය භාරගත්තේ එහි කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතායි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments