21.8 C
Sri Lanka
Monday, October 13, 2025
Homeදේශීය පුවත්පියයුරු පිළිකාවට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු TLC ට්‍රයැත්ලෝත්  තරඟයට තරඟකරුවන් 1,000 ක් 

පියයුරු පිළිකාවට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු TLC ට්‍රයැත්ලෝත්  තරඟයට තරඟකරුවන් 1,000 ක් 

රෝසපැහැ ගැන්වුණු  කිලිනොච්චියේ මුහුද :   පියයුරු පිළිකාවට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු TLC ට්‍රයැත්ලෝත්  තරඟයට තරඟකරුවන් 1,000 ක්  

පියයුරු පිළිකාව පිළිබඳව දැනුවත් කිරීම සහ කල්තියා හඳුනා ගැනීම තුළින් එයට එරෙහිව සටන් කිරීමේ ප්‍රවේශයක්  නිර්මාණය කිරීම  උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික මට්ටමින් 2025.10.05 දින කිලිනොච්චිදී  TLC ට්‍රයැතලෝන් තරඟය පැවැත්විණි. මේ සඳහා  1,000 කට අධික තරඟකරුවන් සංඛ්‍යාවක්  සහභාගී වූ අතර 500 කට ආසන්න ප්‍රේක්ෂයකයින්  සංඛ්‍යාවක් එක්ව සිටියහ.

මෙලස පැවැත්වූ  TLC ට්‍රයැතලෝන් තරඟය ශ්‍රී ලංකාව  තුළ  මෙතෙක් පියයුරු පිළිකා දැනුවත් කිරීම උදෙසා  සංවිධානය කළ විශාලතම  වැඩසටහන ලෙස ඉතිහාසයට එක්විය.  ඉන්දිරා පිළිකා භාරයේ   මුලිකත්වයෙන් සංවිධානය වූ මෙම වැඩසටහන   ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) , සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික පිළිකා පාලන වැඩසටහන, වෘත්තීය වෛද්‍ය විද්‍යාල සහ රොටරි, සිංහ, රතු කුරුස, බාලදක්ෂ සහ ගර්ල් ගයිඩ්ස් ඇතුළු ප්‍රජා හවුල්කරුවන්ගේ සහයෝගයෙන්  සාර්ථකව පැවැත්විණි. 

සෑම දිනකම ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකුගේ ජීවිත බිලිගන්නා රෝගයක් ලෙස  පියයුරු පිළිකා හඳුනාගෙන ඇත. ඒ අනුව පියයුරු පිළිකාවෙන් දිනපතා ජීවිත කෙටි කරන මව්වරුන්, සහෝදරියන්, භාර්යාවන්  දියණියන්ගේ ජිවිත ආරක්ෂා කිරීම  පිණිස  වයස අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂණයක් කළ යුතුය යන  පණිවිඩය ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත කිරීම මුලික අරමුණ කරගෙන මෙම  වැඩසටහන සංවිධානය කර  තිබුණි.

ස්පර්ශය  (Touch) ,  බැලීම (Look ) , පරීක්ෂාව (Check) සංකේතවත් කරන TLC ට්‍රයැතලෝන්, මීටර් 250 පිහිනීම, කිලෝමීටර 6 බයිසිකල් පැදීම සහ කිලෝමීටර 3 දිවීම/ඇවිදීම යන කෙටි දුර සහිත ප්‍රවේශ විය හැකි සහය දිවීමේ ඉසව්වක් ලෙස නිර්මාණය කර තිබුණි.  රෝස පැහැති ඇදුම්වලින් සැරසුණු තරඟකරුවන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම්  ලෙසින් මෙහිදී තරඟ කළහ.

තවද මෙහිදී  පියයුරු පිළිකාව සමග සටන් කර ජිවිතයෙන් සමුගත්  හිටපු ගරු  කථානායක කරු ජයසූරිය මහතාගේ දියණිය වන  ඉන්දිරා ජයසූරිය මහත්මිය සිහිකිරීම උදෙසා පිහිටවනු ලැබූ ඉන්දිරා පිළිකා භාරය  පිළිබඳවද සිහිපත් කෙරිණි.

මෙම TLC ට්‍රයැතලෝන් තරඟය දිවයින පුරා පවත්වමින් පියයුරු පිළිකාව පිළිබඳව දැනුවත් කිරීමට සංවිධායක  මණ්ඩලය කටයුතු යොදා ඇත. ඒ අනුව

 12 – මඩකලපුව, 19 – මාතර, ඔක්තෝබර් 26 – කොළඹ  යන දිස්ත්‍රික්ක වල මෙම තරඟය පැවැත්වෙනු ඇති.

ඒ අනුව  දිවයින පුරා රෝස පැහැ ගන්වමින් අපෙගේ  මව්වරුන්, සහෝදරියන්, භාර්යාවන් , දියණියන්ගේ ජිවිත පියයුරු පිළිකාවට බිලි නොවීම පිණිස  සිදුකරන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා එක්  වන්නැයි සංවිධායක මණ්ඩලය සියලුම ශ්‍රී ලාංකිකයින්ට  ආරාධනා කර සිටි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments