27.3 C
Sri Lanka
Wednesday, August 13, 2025
Homeදේශීය පුවත්ආණමඩුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි

ආණමඩුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආණමඩුව කලාපීය මධ්‍යස්ථානය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.02.11 දින පස්වරුවේ විවෘත කළේය.

සමරු ඵලකය නිරාවරණය කරමින් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආණමඩුව කලාපීය මධ්‍යස්ථානය විවෘත කළ අග්‍රාමාත්‍යතුමා එහි පැමිණ සිටි අභ්‍යාස ආයතනයේ සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ පිළිසදරක නිරත වුයේය.

සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්තිය යථාර්ථවත් කිරීමේ අරමුණ ඇතිව නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන පියංකර ජයරත්න, සීතා අරඹෙපොළ, සනත් නිශාන්ත, ලොහාන් රත්වත්තේ, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන අශෝක ප්‍රියන්ත, චින්තක මායාදුන්නේ, අලි සබ්රි රහීම් මහත්ම මහත්මීන් හා නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම් සී.ඩබ්ලිව් රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments