කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් සඳහා ස්ථාවර මිළක් රජය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී. වැලිසර, බූස්ස, කුරුණෑගල, වේයන්ගොඩ, රත්මලාන ආදි සතොස තොග ගබඩා ස්ථාන නවයකින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින බවත්, සමුපකාර සඳහා තොග බෙදා හැරීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවත් වැලිසර සතොස තොග ගබඩාවේ භාණ්ඩ බෙදා හැරීමේ නිරීක්ෂණ චාරිකාවට එක් වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන ලදී.
අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැහැදිලි කර සිටියේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පාරිභෝගිකයා වෙත ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ සාධරණ මිලකට ලබා දීම සඳහා වූ රජයේ අරමුණ ඉටු කර ගැනීමට මෙම වැඩපිළිවෙල තුළින් හැකි වන බවයි.
පසුගිය යහපාලන රජය සමයේ දේශීය නිෂ්පාදන අඩාල කරමින් ලක් සතොස විනාශ මුඛයට ඇද දැමු බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථායි මිලට ලබාදීම තුළින් පාරිභෝගිකයාට සහ සේවා නියුක්ති ජනතාවට විශාල සේවාවක් සැපයීම ආර්ථික වැඩපිලිවෙල විපක්ෂයට දරා ගත නොහැකිව අසත්‍ය ප්‍රචාර වපුරුවන බවත් අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කරන ලදී.