සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මේ වසරේ ඔක්තොම්බර් මාසය අවසන්වනවිට දකුණු කොරියාවේ රැකියා සඳහා ගිය පිරිස 3000...

මේ වසරේ ඔක්තොම්බර් මාසය අවසන්වනවිට දකුණු කොරියාවේ රැකියා සඳහා ගිය පිරිස 3000 ඉක්මවයි.

මේ වසරේ ඔක්තෝම්බර් මාසය අවසානය වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 3000 ඉක්මවන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා අවස්ථා හිමිවූ ලාංකික තරුණියන් 36 දෙනෙකු අද දින (10/14) ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. ඊට තරුණයින් 33 දෙනෙකු හා තරුණියන් තිදෙනෙකු අයත් වේ.

2025 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 2927 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඊට තරුණියන් 100 දෙනෙකුද අයත්වේ. නිශ්පාදන අංශය සඳහා ලාංකිකයින් 2197 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇති අතර, ධීවර අංශය සඳහා 680 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇත. එසේම ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා 25 දෙනෙකුද, සේවා අංශය සඳහා 23 දෙනෙකු හා කෘෂිකාර්මික අංශය සඳහා දෙදෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇත.

මේ අතර, දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ තවත් ශ්‍රි ලාංකිකයින් 200ට ආසන්න පිරිසක් මෙම මාසය අවසන් වන විට පිටත්කිරීමට කාර්යාංශය සැලසුම් කර තිබේ.

2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්කරුවන් 36,745 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, එම විභාගය ඔක්තෝම්බර් 23 දින ආරම්භ කිරීමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments