සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeආගමිකදඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා (25/26) පැවැත් වුණි.
26 වන සෙනසුරාදා පස්වරුවේ චේතියගිරි විහාරයේ ගිලන්පස බුද්ධ පූජා පැවැත්වීමෙන් පසු සාංචි කඳු මුදුනේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස රාජකීය පණ්ඩිත කතරගම ධම්මානන්ද හිමියන් ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීමෙන් පසු චේතියගිරි විහාරයේ සිට මහ පෙරහැරින් සධාතුක කරඬු වහන්සේ සාංචි මහාබෝධි මධ්‍යස්ථානය වෙත වැඩම කර සර්ව රාතික පරිත්‍රාන ධර්ම දේශනාව පැවැත්වුණි.
පසුදින ඉංදීය සහ ලාංකික භික්‍ෂූන් වහන්සේලා සියයකට ආසන්න මහා සංඝරත්නය විෂයෙහි දහවල් සංඝගත දක්ෂිණාව පැවැත්වුණි.

ඉන්පසු කඨින චීවරය පෙරහැරීන් වැඩම කරවා මහා සංඝරත්නය වෙත පූජා කිරීමෙන් අනතුරුව එය මහා සංඝරත්නයේ ඒකමතික තීන්දුව මත සාංචි විහාරවාසී පණ්ඩිත උඩුගම තපස්සි හිමියන් වෙත පවරනු ලැබූක් බව සාංචි මහා බෝධි මධ්‍යස්ථානාධිපති බානගල විමලතිස්ස හිමියෝ පවසති.
මෙම උත්සව මාලාව සඳහා ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් 225 කට ආසන්න පිරිසක් සහ ඉන්දීය බෞද්ධයෝ දෙසියකට ආසන්න පිරිසක් සහභාගී වූහ.

මෙවර කඨිනානිසංස ධර්ම දේශනය පවත්වනු ලැබුවේ රාජකීය පණ්ඩිත උඩුගම තපස්සි හිමියන් විසිනි.අවුරුදු නවයකට පසු සාංචි චේතියගිරි විහාරයේ සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය සහ කඨින පින්කමට දායකත්වය දුන්
අරනායක මෙත් දහර සදහම් වන්දනා සංවිධානයේ සභාපති අමිදු ජයසූරිය මහතාට “සාංචි ශාසන ශෝබන කීර්ති” ගෞරව නාම උපහාරය මෙහිදී පිරිනමනු ලැබීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments