29.5 C
Sri Lanka
Tuesday, October 28, 2025
Homeදේශීය පුවත්Gov Pay මගින් උතුරු පළාත තුළ ස්ථානීය රථවාහන දඩ ගෙවීම ආරම්භ කිරීම...

Gov Pay මගින් උතුරු පළාත තුළ ස්ථානීය රථවාහන දඩ ගෙවීම ආරම්භ කිරීම…

Gov Pay මගින් උතුරු පළාත තුළ ස්ථානීය රථවාහන දඩ ගෙවීම ආරම්භ කිරීමේ අවස්ථාව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් (28) කිළිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු විය.

මින් පෙර Gov Pay මගින් ස්ථානීය රථවාහන දඩ ගෙවීම දකුණු පළාත හා බස්නාහිර පළාත තුළ පමණක් සිදු වූ අතර මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වීම ආරම්භ වූ තුන්වෙනි පළාත වශයෙන් උතුරු පළාත හැදින්වීමට හැකිය. දැනට බස්නාහිර පළාත හා දකුණු පළාත තුළ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම තුලින් දඩගෙවීම් 23 539කදී මිලියන 31ක මුදලක් Gov Pay මගින් අය කර ගැනීම සිදු කර ඇත. එමෙන්ම Gov Pay මගින් රථවාහන වැරදි සදහා ස්ථානීය දඩ ගෙවීමේ වැඩසටහන සදහා අවශ්‍ය පුහුණුව ලබා දීමේ පුහුණු වැඩසටහන් පසුගිය 26 හා 27 දෙදින පුරා උතුරු පළාතේ රථවාහන රාජකාරීවල නියුතු පොලිස් නිළධාරීන් වෙත සිදු කරන ලදී.

මෙහිදී Gov Pay මගින් ස්ථානීය රථවාහන දඩ ගෙවීමේ වැඩසටහනට අවශ්‍ය ජංගම දුරකථන පොලිස් නිළධාරීන් වෙත සංකේතාත්මකව ලබා දීමද සිදු විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments