අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 27ක මිළ පහළ දැමීමත් සමඟ දින තුනක් තුළ සතොස ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. මෙම පාරිභෝගික භාණ්ඩ 27හි මිළ පහළ දමමින් පාරිභෝගික ජනතාව වෙත භාණ්ඩ නිකුත් කිරීම ඇරඹීමට පෙර දිනයේ රු.මිලියන 82ක දෛනික පිරිවැටුමක් වාර්තා කරන ලද සතොස ආයතනය විසින්, මෙම සහන සැලසීමෙන් දින තුනක් තුළදී එනම් පෙබරවාරි 10 වැනි දිනය වන විට දෛනික පිරිවැටුම වශයෙන් රු.මිලියන 166ක වාර්තාගත ආදායමක් සටහන් කර තිබේ. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පය පරිදි වෙළෙඳ අමාත්‍යාංශය මඟින් දේශීය නිෂ්පාදකයා හා ඍජු ආනයනකරුවා සමඟ ගිවිසුම්ගතව ඉදිරි මාස තුනක් සඳහා මිළ නිර්ණය කිරීමෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත්, ඍජු සැපයුම්කරුවා ආරක්ෂා කිරීමටත් ගන්නා ලද පියවර මඟින්, යහපාලනය විසින් ගොදුරු කරගත් සතොස ආයතනය නැවත නඟා සිටුවීම සඳහා මූලික අඩිතාලමක් වනු ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය කියා සිටියි. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳව සතොස සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු දිවයින පුරා සියලුම සතොස අලෙවිසැල් වල සේවයෙහි නියුතු නිලධාරීන් වෙත සිය ස්තුතිය පළකරමින් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා උර දෙමින් කටයුතු කිරීම පිළිබඳව සිය ප්‍රශංසාව ද පළ කළේය. එමෙන්ම සතොස හරහා සිදු කරන ලද මෙම මිළ අඩු කිරීම හේතුවෙන් පුද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසැල් ජාලයද මේ හා සමාන මිළ ගණන් වලට එම අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග අලෙවි කිරීමට පෙළඹී ඇති අතර ඒ අනුව රජයේ ප්‍රතිපත්තිමය තීරණ සඳහා සිය සහයෝගය දැක්වීමට කටයුතු කිරීම පිළිබඳවද අමාත්‍යවරයා සිය ස්තුතිය හා ප්‍රශංසාව පළ කර සිටියි.
අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිළ පහළ දැමීමෙන් දින තුනකදී සතොස ආදායම 102%කින් ඉහළට
RELATED ARTICLES