Creative tales art studio හී සාමාජික දරුවන් ඉකුත්(22)මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනය සහ පොත් දොරට වැඩීමේ උත්සවයෙන් ලැබු ආදායමෙන් දරුවන්ට අක්ෂි කාච ලබාදීම (30) බ්‍රහස්පතින්දා ,රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ දී සිදු කෙරේ.
*Creative tales art studio හි නියමුවරිය වන්නේ වයි .පි.ආර් පී සඳරුවනි ගුරුතුමිය. එතුමිය මේ ආරම්භ කර ඇත්තේ 2020- 21වසරවල කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවේ දරුවන්ව හුදකලා කරන සමයකවේ.
- නිවෙස් වලට වී ආතතියෙන් කල්ගෙවන දරුවන්ගේ මානසික සුවය පිණිස සෞන්දර්යාත්මකව දායක වීමක් අරමුණු කරගනිමින් creative tails art studio ආරම්භ කර ඔන්ලයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ දරුවන්ගේ ගැටළු කතා කොට ඒ සිතුවිලි චිත්‍රයට මුසුකොට මූර්ති නිර්මාණය කර දරුවන්ගේ ආතතිය මුදා හරින්නට ඇය කටයුතු සලසා තිබේ. පසු කාලයකදී මේ ඇකඩමියට එක්වුණු දරුවන් විවිධ පරිසරවලට රැගෙන ගොස් වැඩමුළු පවත්වා ඔවුන්ට සෞන්දර්යාත්මක අත්දැකීම් රැසක් ලබා දීඇත. කොළඹ දිස්ත්‍රික්කයේ සහ ඒ අවට ප්‍රදේශ කීපයක පාසල්වල දරුවන්ගෙන් සැදුම් ලත් Creative tales art studio හි මේවන විට දරුවන් 50 කට අධික ප්‍රමාණයක් සිටිති.
මෙසේ චිත්‍ර ප්‍රදර්ශනය හා පොත් දොරට වැඩුම මගින් ලැබෙන ප්‍රදානයන්වලින් මෙලොව ආලෝකයක් නොදුටු අසරණ දරුවන් තිදෙනෙකුට අක්ෂිකාච ලබාදී ඔවුන්ව අඳුරෙන් එළියට පිය නංවන්නට කටයුතු සිදුකෙරේ.
මේ ප්‍රදර්ශනය හා පොත් දොරට වැඩුම පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධ්පති මහාචාර්ය වජිර දිසානායක ,,සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘෂ්‍ය කලා පිඨයේ හිටපු පීඨාධීපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජගත් රවීන්ද්‍ර,සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සමාජ සංහිඳියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය සෞම්‍ය ලියනගේ,රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපති, දේශීය සහ විදේශීය සිනමා කලා අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලාල් හරේන්ද්‍රනාත් මහත්වරුන් සහභාගිවූහ.





.


