Home දේශීය පුවත් “තෙවන ඇසට. සුවය සදමු ” සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන සාර්ථිකයි…

“තෙවන ඇසට. සුවය සදමු ” සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන සාර්ථිකයි…

0
6

තවත් වැඩසටහනක් ළඟදීම….

සුමිත් මායාදුන්නේ

“තෙවන ඇසට. සුවය සදමු ” සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන යටතේ 2025 නොවැම්බර් 1වැනි දා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවති වි⁣ශේෂ අක්ෂි සායනයට සහභාගි චීමට නොහැකි වූ පිරිස වෙනුවෙන් එම සායනය නැවතත් නුදුරු දිනයකදී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සංවිධානය කරන බව පවසයි.

එදින පැවැති එම සායනයට මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහු විශාල පිරිසක් සහභාගි වූහ.

ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා මාධ්‍යයට විශාල කාර්යභාරයක් හා වගකීමක් පැවරෙන එයින්, සෞඛ්‍ය ප්‍රවර්ධනයට මාධ්‍යයේ ඇති වටිනාකම සහ වගකීම හඳුනා ගනිමින් මාධ්‍යවේදීන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට ප්‍රමුඛස්ථානය ලබාදීම අරමුණ කොට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අදහසක් අනුව “තෙවන ඇසට සුවය සදමු” සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන මෙරට ජනමාධ්‍යවේදීන් සදහා ආරම්භ කර තිබේ.

ඇසේ ග්ලූකෝමා හා රුධිර පීඩන තත්ත්වය පරීක්ෂා කිරීම,පෙනීමේ මට්ටම පරීක්ෂා කිරීම, පෙනීම අඩු වූවන්ට ඇස් කණ්ණාඩි ලබා දීම පමණක් නොව ඇසේ සුද මතු වි ඇති අයට නුදුරු දිනවල අක්ෂි කාච බද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම , රුධිරයේ සීනි මට්ටම ද පරීක්ෂා කර ඒ අනුව තම ඇස් ආරක්ෂා කර ගැනීම පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා දීම ආදී තම දෑස පිළිබඳ සියලු ගැටලු පරීක්ෂා කිරීම මෙහිදි සිදු කෙරිණි. පෙනීම දුර්වලතා පැවති මාධ්‍යවේදීන්ට ඇස් කණ්නාඩි නොමිලේ ලබා දීමටද අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබිණි.

වත්මන් රජයේ, සුවපත් රටක් වෙනුවෙන් “Healthy Sri Lanka” නම් වැඩසටහනට අනූව දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන තවත් වැඩසටහනක් ලෙස. “තෙවන ඇසට සුවය සදමු” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

අක්ෂි විශේෂඥ සංගමයේ විශේෂ දායකත්වය මත පැවැති මෙම සායනය සදහා විශේෂඥයන් ඇතුළු අක්ෂි වෛද්‍යවරුන්,හෙද හෙදියන් අනිකුත් වෘත්තිකයන් මෙම විශේෂ සායනය සාර්ථක කර ගැනීම සදහා සිය දායකත්වය ලබාදුන් අතර එම කටයුතු සඳහා ජනමාධ්‍යවේදීන්ගේ අක්ෂි පරීක්ෂණ වෙනුවෙන් විශේෂ ස්ථාන වෙනම පිළියෙල කර තිබුණි. කිසිදු ප්‍රමාදයකින් තොරව එම කටයුතු සිදුවූ අතර මෙම වැඩ පිළිවෙළ ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශංසාවට ලක් වූහ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here