26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි

කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද 2021.02.17 දින පෙරවරුවේ විවෘත විය.  

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10ක විදුලියක් ජනනය කරන කෙරවළපිටිය ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය (Colombo Waste to Energy Power Plant) දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600-800ත් අතර ප්‍රමාණයක් දහනය කිරීමට නියමිතය.

විදුලිබලාගාරය විවෘත කිරීමේ සමරු ඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණ සිටි පිරිස සමඟ සුහඳ කතාබහක නිරත වූයේය.

කොළඹ නගරයේ නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මෙමඟින් ස්ථිරසාර විසඳුමක් නිර්මාණය වේ. එසේම පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය සඳහා මෙම ව්‍යාපෘතිය තිරසර විසඳුමකි. කොළඹ නගර සභාව, එයිට්කන් ස්පෙන්ස් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතියට දායක වී තිබේ.

එයිට්කන් ස්පෙන්ස් සමාගම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් බිලියන 15කි. වඩා සුන්දර මෙන්ම පිරිසිදු නාගරික පරිසරයක් නිර්මාණය කිරීමටත් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමටත් මෙමඟින් හැකියාව උදා වේ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ඩලස් අලහප්පෙරුම, සී.බී රත්නායක, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන්වන දුමින්ද දිසානායක, නාලක ගොඩහේවා, සීතා අරඹේපොළ, නිමල් ලන්සා, මහත්වරු සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, එයිට්කන් ස්පෙන්ස් සභාපති හැරී ජයවර්ධන, කොළඹ මහ නගරාධිපතිනි රෝසි සේනානායක, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments