29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සියළුම පාසල් සඳහා ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ

සියළුම පාසල් සඳහා ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ

Q.I.B විශ්වවිද්‍යාලය මගින් දිවයින පුරා පිහිටි පාසල් සඳහා ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. පාසල් සඳහා ලබාදෙන එම උපකරණ පිළිබඳව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන,  පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා දැනුවත් කිරීම හා එම උපකරණ සංකේතාත්මකව අමාත්‍යවරයා වෙත භාර දීම 17 දින සිදුවිය.

එම ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ මගින් ඉතාමත් අඩු විෂබීජ නාශක දියර භාවිතයෙන් අත් සෝදාගතහැකි අතර එම අවස්ථාවේදීම තම ශරීර උෂ්ණත්වයද මැනගැනීමත් ස්වයංක්‍රීයව සිදු කර ගත හැකිය. එම නිසා කොවිඩ් 19 ශරීරගත වී ඇති පුද්ගලයින් හඳුනාගත හැකි වන අතර එය වඩාත් තහවුරු කර ගැනීම සඳහා PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයන් සිදු කර ගැනීමට මෙම උපකරණය වඩාත් ඉවහල් වනු ඇති බව Q.I.B පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සභාපති ආචාර්ය අසේල පණ්ඩිත මහතා අදහස් දක්වමින් පවසා සිටියේය.

ඉතා සරල උපකරණයක් වන මෙය කුඩා බැටරි (AA) මගින් ක්‍රියාත්මක කල හැකි අතර ගෘහස්ථ විදුලි පද්ධතිය මගින්ද ක්‍රියා කල හැක. ඉදිරියේදී මෙම උපකරණ පෙර පාසල් සඳහා ලබා දීමට ඇති හැකියාව ගැනද සොයා බලන බව අමාත්‍යවරයා පවසන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කුමාරි ජයසේකර මිය, Q.I.B විශ්වවිද්‍යාලයේ  සභාපති ආචාර්ය අසේල පණ්ඩිත  මයා,අධ්‍යක්‍ෂ ව්‍යාපෘති අංජන චන්ද්‍රතිලක මයා, අධ්‍යාපන පෞර්ෂවර්ධන අරුණ බණ්ඩාර මයා යන මහත්ම මහත්මීන් පිරිසක්ද ඒ සඳහා එක්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments