21.4 C
Sri Lanka
Wednesday, November 26, 2025
Homeකලා පුවත්මහ මූහුදේ පාවී හා වස්තුවක් සිදුකළ මහා විපර්යාසයක්?

මහ මූහුදේ පාවී හා වස්තුවක් සිදුකළ මහා විපර්යාසයක්?

තම අඹූදරුවන් සුරැකීමට ජීවන වෘත්තිය කරගත් ධීවරයින් හත් දෙනෙක්. තම යාත්‍රාව දියඹවෙත රැගෙන යමින් සිටින අවස්ථාවේදී එම පිරිසට හදිසියේ ඇස ගැටෙන විශාල පාර්සලය කුමක්ද? ඒ නිසා යාත්‍රාව තුල සිටි මෙම ධීවරයින්ගේ ජීවිතවලට සිදුවන බලපෑම කුමක්ද? ඔවුන් එකිනෙක තම අත්දැකීම් ඔස්සේ ඊට මුහුණ දෙන ආකාරය කෙසේව
මහමූහුදේ රළ බිඳීන හඬ සමග තම හැඟීම් අනුව ක්‍රියාකරන මෙම ධීවරයින් හත් දෙනා අතරට පැමිණි තරුණයකු තමාටම ආවේණික ලෝකයක ජීවත්වන ආකාරය මෙහි දැක්වේ. කාන්තාවකුගේ බලපෑම පිරිමි කෙරෙහි කොයිතරම් දුරට මානසිය ව්‍යාකූලතාවයක් ඇති කරයිද? යන්න අධ්‍යක්ෂවරයා මෙම සිනමාපටයෙන් කියැ පෑමට අපූරු උත්සහයක් ගෙන ඇති බව පෙනේ.

අරුණ ජයවර්ධන නම් සිනමාපට අධ්‍යක්ෂවරයා නිර්මාණය කළ ‘මාරියා” සිනමාපටය වසර තිස්නවයකට පසු මොස්කව් සිනමා උ‌ළෙල නියෝජනය කළ චිත්‍රපටයවේ. එහි වඩාත් වැදගත්කම වනුයේ එහි තරඟකාරිය අංශය මෙම සිනමාපටය නියෝජනය කිරීමයි. එයින් නොවැති මාරියා සිනමාපටය තවත් ජාතාන්තර සිනමා සම්මාන උ‌ළෙලවල් කීහිපයක් නියෝජනය කරමින් සම්මාන හිමිකර ගැනීමට සමත්වීම අපේ සිනමාවට නිහතමානී ආඩම්බරයක් ගෙන දෙයි.
මෙහි චරිත නිරූපණයන් සඳහාද අධ්‍යක්ෂවරයා ඉතා දක්ෂ ගැලපෙන රංඟනවේදීන් යොදා ගැනීම තවත් වැදගත් කරුණක්වේ. එනම් මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්,දර්ශන් ධර්මරාජ් (අප අතරින් නැසිගිය), ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ හා සුරන් දසනායක් වැනි ශිල්පීන්වෙති.
මාරියෝ සිනමාපටය තිරරචනය හා අධ්‍යක්ෂණය අරුණ ජයවරධනගෙනි, නිෂ්පාදනය ඉන්ද්‍රජිත් සිල්වා‌ගෙනි.

ගීත ගායනා සඳහා බිමල් ජයකොඩි හා රංඟනයෙන් දායකවන ශිල්පීන් එක්ව සිටිති. සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි, කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, දියයට රූපගත කිරීම. මැක්ලෙන් ඇඩම්ස්, සංස්කරණය ඩිලන්ත පෙරේරා.
ගීපද අරුණ ජයවර්ධන හා අංජලි බුදවත්ත ජයවර්ධන ගී තනු මංගල ගලප්පත්ති, අංඟ රචනය ප්‍රියංක තිලක් රත්නායක,කලා අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්න, ශබ්ද සැලසුම සශික රුවන් මාරසිංහ,උපසිරැසි ගැන්වීම මලින් හෑගොඩ නිෂ්පාදන සම්බන්ධිකරණය මල්කි විජේමාන්න.

අනුර ප්‍රේමලාල්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments