Home ආගමික සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති.

සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති.

0
5

ඉංදියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජය සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන “සාංචි මහාබෝධි මහෝත්සවය” 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
ධර්මාශෝක අධිරාජයා ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් විසින් යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පසු ඉන්දීය රජය ඉදිකළ චේතියගිරි විහාරයේ තැන්පත් කළ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සෑම වර්ෂයකම නොවැම්බර් මාසයේ අවසාන ඉරු දින මහජනතාවගේ වන්දනාමානයට ප්‍රදර්ශනයට තැබීමට 1952 එවකට ඉන්දියා අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජවහල්ලාල් නේරුතුමන්ගේ විශේෂ ඉල්ලීම පරිදි මෙම සාංචි අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ සාංචි මහාබෝධි මහෝත්සවය ආරම්භ වූ බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

නොවැම්බර් 29 සහ 30 දෙදින පැවැත්වෙන සාංචි මහාබෝධි මහෝත්සවයට ශ්‍රී ලංකාව, ජපානය,වියට්නාමය, සිංගප්පූරුව,තායිලන්තය, බුරුමය ආදී රටවල් රැසකින් ද
ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් ද ලක්ෂයකට ආසන්න බෞද්ධ ජනතාවක් මෙවර සහභාගි වනු ඇතැයි සංවිධායකවරු බලාපොරොත්තු වෙති.

ඒ අනුව පැමිණෙන පිරිසගේ පහසුව සඳහා සාංචි දුම්රිය ස්ථානය අති නවීන ප්‍රධාන පෙළ (Grade 01)දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කර,අධි සීඝ්‍රගාමී (Super Fast)
දුම්රිය මෙම දෙදින සාංචි දුම්රිය ස්ථානයේ නතර කිරීමට ද සැලසුම් කර ඇතැයි සාංචි දුම්රිය බලධාරීහු පවසති.
සාංචි මහාබෝධි මහෝත්සවයට සහභාගිවන අයට අවශ්‍ය සෞඛ්‍ය, වෛද්‍ය,ජලය,සනීපාරක්ෂක පහසුකම්,අඛණ්ඩ විදුලිබල සම්පාදනය,විශේෂ රථ වාහන සැලසුම්,ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇතැයි රයිසන් දිස්ත්‍රික්කයේ අතිරේක දිසාපති මනෝජ් උපාධ්‍යායි (Additional Collector Mr. Manoj Upadhyay) මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් අධිකාරී පංකජ් කුමාර් පාන්ඩේ මහතා,දිස්ත්‍රික් අධීක්ෂණ නිලධාරී (SDM Mr. Manish Sharma) මනීෂ් ෂර්මා මහතා යන අයගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමේ දී පැවසූ බව
සාංචි චේතියගිරි විහාරවාසි පණ්ඩිත උඩුගම තපස්සි හිමියෝ පවසති.

පසුව රයිසන් දිසාපති
(Collector – Raisan District Mr.Arun kumar Vishvakarma) අරුන් කුමාර් විශ්වකර්ම මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රධාන පිරිස සාංචි විහාර පරිශ්‍රයේ එම සංවිධාන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

මෙවර සාංචි මහාබෝධි මහෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහේශි කොළොන්නේ මහත්මිය,මධ්‍ය ප්‍රදේශ් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශ්‍රී නාරායන් සිංග් පන්වාර් (Shri Narayan Singh Panwar),ශ්‍රී ධර්මේන්ද්‍ර සිංග් ලෝඩි (Shri Dharmendra Singh Lodhi) නරේන්ද්‍ර ශිවාජි පටෙල් (Shri Narendra Shivaji Patel) ) ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගී වීමට නියමිතය.
විශේෂ ආරාධිතයන් ලෙස ඉන්දීය ලෝක් සභා මන්ත්‍රී වෛද්‍ය ප්‍රභූරාම් චෞද්‍රි (Dr.Prabhuram Chavdri සහ සුරේන්ද්‍ර පට්ටා,ශ්‍රී යශ්වාන්ත් සිං යන අය ද සහභාගී වන බව විමලතිස්ස හිමියෝ පවසති.
දෙදින පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයට ඉන්දියාව,ශ්‍රී ලංකාව,ජපානය යන රටවල ප්‍රසංගික ඉදිරිපත් කිරීම් ඇතුලත් බව මධ්‍ය ප්‍රදේශ් සංස්කෘතික දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here