18 C
Sri Lanka
Thursday, January 15, 2026
Homeආගමිකඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර

කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල උපතිස්ස පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලාට නව වසරේ අධ්‍යාපන උපකරණ හා පොත්පත් පිරිනැමීමේ උත්සවය ඊයේ (10) බානගල උපතිස්ස පිරිවෙනේ දී පැවැත්වුණි.
කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ආචාර්ය අනුකුරන් දත්තා (Dr.Ankuran Dutta) මහතාගේ සහභාගිත්වයෙන් ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවත් වුණි.
මූලික පිරිවෙනක් ලෙස 2012 වසරේ ආරම්භ වූ බානගල උපතිස්ස පිරිවෙන 2025 වසරේ දී මහ පිරිවෙනක් ලෙස උසස් කරනු ලැබිණ. බානගල උපතිස්ස මහ පිරිවෙනේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 100 ට ආසන්න පිරිසක් නේවාසිකව අධ්‍යාපනය ලබති.
අතිශය දුෂ්කර ගම්මානයක ඉතාමත්ම විධිමත්ව ගෞරවාන්විතව පවත්වා ගෙන යන බානගල උපතිස්ස පිරිවෙනට පැමිණීමට ලැබීම සහ ඉන්දියානු රජය වෙනුවෙන් එම පිරිවෙනට අනුග්‍රහය දැක්වීමට ලැබීම විශාල භාග්‍යයක් කොට සලකන බව ආචාර්ය අනුකුරෙන් දත්තා මහතා මෙහි දී පැවසීය.
පරිවේනාධිපති පූජ්‍යපාද පණ්ඩිත වලල්ලාවිට නන්ද හිමිපාණන්ගේ ඇරයුමෙන්
ආචර්ය අන්කුරන් දත්තා මහතා විහාරස්ථානයේ ආගමික වතාවත්වලට ද එක් විය.
මෙම අවස්ථාවට ජපානයේ සවරා ලංකාජී විහාරාධිකාරි කොස්වත්තේ පාලිත හිමියෝ ද සහභාගි වූහ.
ඡායාරූප
01.බානගල උපතිස්ස නා හිමියන්,ආචාර්ය අනුකුරන් දත්තා මහතා සහ පිරිවෙනේ ස්වාමීන් වහන්සේලා.
02.බානගල උපතිස්ස නා හිමියන් අන්කුරන් දත්තා මහතාට සමරු සිහිවටනය ප්‍රදානය කිරීම.
03.ආචාර්ය අනුකුරන් දත්තා මහතා භික්ෂූන් වහන්සේලාට තිළිණ පූජා කළ අවස්ථාව

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments