18 C
Sri Lanka
Thursday, January 15, 2026
Homeව්‍යාපාරික පුවත්කෘතීම බුද්ධිය කේන්ද්‍රකරගත් වෘත්තීය මාර්ගෝපදේශ සපයන වේදිකාවක් ලෙස Counselify.ai වෙබ් අඩවිය නිල...

කෘතීම බුද්ධිය කේන්ද්‍රකරගත් වෘත්තීය මාර්ගෝපදේශ සපයන වේදිකාවක් ලෙස Counselify.ai වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීම

කොළඹ, ශ්‍රී ලංකාව , Students Visa (Magenta Smiley Pvt. Ltd.) ආයතනයේ Chief Technical Officer Mr. Charindu Edirisuriya, Chief Executive Officer Mr. Raees ul Haq, Chief Operating Officer Mr. Nuzri Munsoor සහ Chief Growth Officer Mr. Thilina Rajapakse යන මහත්වරුන්ගේ ඒකාබද්ධ නායකත්වයෙන් වැඩි දියුණු කරන ලද කෘතීම බුද්ධිය කේන්ද්‍රකරගත් වෘත්තීය මාර්ගෝපදේශ සපයන වේදිකාවක් ලෙස Counselify.ai නිල වශයෙන් එළි දැක්වීම සඳහා කටයුතු සම්පාදනය කර ඇත. තාක්ෂණික නවෝත්පාදනය, ගැඹුරු ක්ෂේත්‍ර උපායමාර්ගය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යයන-විදේශ පරිසර පද්ධතිය තුළ ශක්තිමත් ලෙස වෙළඳපොළට මුහුණ දීමේ නායකත්වය යන අනුපූරක හැකියාවන් මෙම නව හඳුන්වාදීම තුළින් පිළිපිඹු වේ. මෙම නව නිෂ්පාදනය මහජනතාව අතට පත් කරමින් එළි දැක්වීමේ සැසිය 2026 ජනවාරි 8 වන දින සවස 4:00 සිට සවස 5:00 දක්වා කොළඹ 01, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ, අංක 14, හැච් වර්ක්ස් හිදී පැවැත්විණි.
මෙම Counselify.ai වෙබ් අඩවියට පිවිසෙන පරිශීලකයින්ට ඔවුන්ගේ අධ්‍යාපන ඉතිහාසය පිළිබඳවත්, තම නිපුණතා සහ කුසලතා පෙළගැස්ම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමටත් , උසස් අධ්‍යපන කටයුතු සඳහා තමන්ට ඇති විකල්ප අවස්ථාවන් හඳුනා ගැනීමටත් අවස්ථාව උදා වෙන අතර පුහුණු මාර්ග සහ වෘත්තීය සංවර්ධනය සඳහා ව්‍යුහගත තීරණ ගැනීමට අවශ්‍ය සහාය ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. එසේම පද්ධතිය සමඟ සම්බන්ධ වන සියලුම පරිශීලකයින් නිවැරදි විග්‍රහ කිරීම සහ විශ්ලේෂණාත්මක ප්‍රතිඵල සඳහා සහාය වීම සඳහා පුළුල් සහ යාවත් කාලීන ජිව දත්ත පත්‍රිකා පවත්වා ගැනීමට දිරිමත් කරනු ලැබේ.
මැජෙන්ටා ස්මයිලි පුද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකා ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන ආයතනයක් ලෙස ශිෂ්‍ය වීසා (TSV) ආයතනය සැළකෙන අතර මෙම ආයතනය මඟින් එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, ෆින්ලන්තය, ස්වීඩනය සහ තෝරාගත් යුරෝපීය රටවල් වෙත සිසුන්ට සංක්‍රමණය වීමට අවශ්‍ය මරෝගොපදේශය සපයනු ලැබේ.

මෙම ආයතනය විනිවිද පෙනෙන සහ සදාචාර සම්පන්න උපදේශන ආකෘතියක් අනුගමනය කරන අතර වැඩසටහන් තෝරා ගැනීම, වීශ්ව විද්‍යාල ප්‍රවේශය, ශිෂ්‍යත්ව, හා වීසා ලිපි ලේඛන විශ්වසනීය ලෙස සකස් කිරීම යන කටයුතු වලදී අවශ්‍ය සහාය ශ්‍රී ලාංකාවේ සිසුන් සහ දෙමාපියන් වෙනුවෙන් ලබා දීමට කැප වී සිටියි.
Counselify.ai එළි දැක්වීම මගින් ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිය සහ ඇතුළත් වීමේ උපදේශන පරිසර පද්ධතියට උසස් කෘතිම බුද්ධිය ඒකාබද්ධ කිරීම සඳහා TSV ආයතනය සතු මෙහෙයුම් කැපවීම නිරුපනය වන අතර මෙම හඳුන්වා දීම තුලින් තරඟකාරී ගෝලීය අධ්‍යාපන පරිසරයක් තුළ තාක්ෂණය සක්‍රීය වෘත්තීය මාර්ගෝපදේශනය සහ උපායමාර්ගික කුසලතා වර්ධනය ශක්තිමත් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments