පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතන වල(සංස්ථා මණ්ඬල හා ව්‍යවස්ථාපිත ආයතන වල යම් සේවකයෙකුගේ සේවය අදාල ආයතනය අවශ්‍යතාව පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබාදිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා වන සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය ඉකුත්(25) කම්කරු කොමසාරිස් ජනරාල් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් ප්‍රකාශයට පත් කළ බව ද ,ඒ අනුව , 1971 අංක 25 දරණ කම්කරුවන්ගේ රැකියාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනතට ප්‍රකාරව 2005 ප්‍රකාශයට පත් කළ අදාල වන්දි සූත්‍රයට අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසකී. සෞභාග්‍යයේ දැක්මට අනුව කම්කරු ජනතාවට උපරිම සහන යම් සැලසීමේ පරමාර්ථය පෙරදැරිව පැවති එම 12,50,000 වන්දි මුදල රුපියල් ලක්ෂ විසිපහ දක්වා වැඩි කළ බව හෙතෙම සඳහන් කර සිටියි. මෙම වන්දි මුදල වැඩි කරනු ලැබූයේ වසර පහළොවකට පමණ පසුව බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. එසේම අද රැකියාවක් අහිමි වන පුද්ගලයෙක්ට රුපියල් 12,50,000 ඔහුගේ ඉදිරි ජීවිකාව පවත්වාගෙන යාමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, ඒ වගේම ඔවුන්ගේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට එම මුදල ප්‍රමාණවත් නොවන බව විවිධ සංවිධාන හා වෘත්තීය සමිති විසින් පෙන්වා දීම ද පිළි ගනිමින් මෙම පනත සංශෝධනය කළ බව අමාත්‍යවරයා අවධාරණය කරයි. මෙම වන්දි මුදල ගෙවීම පෙබරවාරි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි
සේවය අවසන් කිරීමේ වන්දිය දෙගුණ වේ
RELATED ARTICLES