25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඒජන්සිකරුවන්ට ලබාදෙන රුපියල් ලක්ෂ 10 ක මුදල ගැන හොයන්න මහ බැංකුවෙන්...

ඒජන්සිකරුවන්ට ලබාදෙන රුපියල් ලක්ෂ 10 ක මුදල ගැන හොයන්න මහ බැංකුවෙන් විශේෂ ඉල්ලීමක්

මැදපෙරදිග සමහර රටවල්වලට යන  අපේ ගෘහ සේවිකාවක් වෙනුවෙන්  මූලික ගෙවීමක් ලෙස ඒජන්සිකරුවන්ට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දෙන බවත්,එම සම්පූර්ණ මුදල විදේශ විනිමය ලෙස නීත්‍යානුකූලව මෙරට බැංකු ඔස්සේ ‍ ලංකාවට  පැමිණෙන්නේදැයි මූල්‍යම තාක්ෂණික විගණනයක් කොට සොයා බලන ලෙස  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  මහ බැංකු නිලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

 ඒ මහතා මේ ඉල්ලීම සිදුකළේ ඉකුත් (02) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ  පැවැති විශේෂ සාකච්ඡාවකදීය. එහිදි වැඩදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය........එක් ගෘහ සේවිකාවක් සැපයීම  වෙනුවෙන් අතරමැදියන්ට මැදපෙරදිග හාම්පුතුන්  ලබා දෙන මෙම රුපියල් ලක්ෂ    දහයෙන් 50% ක මුදලක් එම ගෘහ සේවිකාවගේ නමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තැන්පත් කළ යුතු බවට නීති සකස් කළ යුතුයි. මේ අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය  පියංකර ජයරත්න මහතා,මහ බංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්,කම්කරු අමාත්‍යාංඅශයේ ලේකම් මාපා පතිරණ,විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස් අරුනෛයිනාහයම් , විදේශ ප්‍රේෂණ පිළිබඳ කාර්ය සාධක  බළකායේ නිලධාරීන්ද  සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය සභාපති කමල් රත්වත්තේ,විදේශ රැකියා ඒජන්සි කරුවන්ගේ සංගමය සභාපති බුද්ධි ප්‍රදීප් මහතා ඇතුළු නිලධාරීහු රැසක් මෙම සාකච්ඡාවට එක් වූහ.විදේශගත ශ්‍රමිකයන් ගෙන් අප රටට ලැබෙන විදේශ විනිමය තවදුරටත් වැඩි කරගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හඳුනාගැනීම  මෙම සාකච්ඡාවේ අරමුණවේ. 

අප රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගය වී ඇත්තේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපයීම්ය.අද වන විට ඔවුන් ගෙන් අපේ රටට වසරකට ඩොලර් බිලියන 7 ක මුදලක් ප්‍රේෂණය වේ.එය ඩොලර් බිලියන 10 දක්වා වැඩි කර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ආරම්භ කළ යුතු වෙනවා. එහි දී දැනට විදේශ ගතවන ශ්‍රමිකයන් සහ ගෘහ සේවිකාවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අතිරේකව,විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි  නිපුණතා සහිත ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යැවීමෙන් අප රටට ලැබෙන විදේශ විනිමය  ආදායම තවදුරටත් වැඩි කර ගත හැකියි. එසේම මව්රටට පැමිණෙන විදේශ ගතව සිටි ශ්‍රමිකයන් නැවත එම රැකියා සදහා යාමට දිරි ගැන්වීම කළ යුතුයි. 

අප රටේ  ලැබෙන බැංකු පොලියට වඩා වැඩි පොලියක් එම විදේශ රටවල දී සිය තැන්පත් සදහා ලැබෙන බැවින්, බොහෝ විදේශගත ශ්රයමිකයන් තමන්ගේ මුදල් එම රටවලම බැංකුවල තැන්පත් කිරීමට පෙළඹී ඇත.එම නිසා  ඔවුන්ගේ තැන්පත්වලට  දෙන බැංකු පොලී අනුපාතය වැඩි කිරීමට පියවර ගෙන විදේශගත ශ්රොමිකයන්ගේ ඉපයීම් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා මෙන් මහ බැංකු නිලධාරීන් ගෙන් අමාත්යනවරයා ඉල්ලීමක් කළේය.එසේම නිල නොවන ශ්ර ම වෙළදපල ඔස්සේ ,එනම් තාවකාලික කෙටි කාලීන වීසා මගින් විවිධ රටවලට ගොස් රැකියා කිරීමේ ක්රශමවේදවලට අවහිර කිරීමට අයිතියක් නැති බවත්,පවතින අවහිරතා  අවම කළ යුතු වන අතර,නමුත් එසේ හොර පාරෙන් රට රැකියාවලට යන අයට විදේශ සේවා නියුක්ති කාර්යංශය වග කියන්නේ නැහැ. 
එසේම විදේශ රැකියා ඒජන්සි මගින් රැකියා සදහා යවන අයගේ සුබසාධනය ගැන සොයා බැලීමත් ඒජන්සි හිමියන්ගේ වගකීමක් බව ද , පසුගිය කාලයේ කොවිඩ් නිසා විදේශයන් හි අසරණ වූ අපේ ශ්‍රමිකයන් පිළිබඳ ඒජන්සි හිමියන් ගත් සුබසාධන පියවරයන් සහ කොවිඩ් සමයේ විදේශ රැකියා ඒජන්සිකරුවන් ගෙන ආ රැකියා ඇබෑර්තු පිලිබද වාර්තාවක් ලබා දෙන්න  විදේශ සේවා නියුක්ති කාර්යංශය ක්‍රියා කළ යුතුයි.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments