පාසල් ළමුන් සඳහා වෙළෙඳපොලෙහි පවතින මිළට වඩා අඩුමුදලකට අභ්‍යාස පොත් සහ රු300ක් අඩුවෙන් සපත්තු යුගලක් මේ මාසයේ සිට සතොස හරහා මිළදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකි වන බවත්, ඉදිරියේදී “මෙගා සතොස” නමින් විශාල පරිමාණයේ සතොස අලෙවිසැල් දිවයින පුරා ආරම්භ කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය ආයතනවල සේවය එකම වහලක් යටතේ ලබා ගැනීමේ “රජවාස” මධ්‍යස්ථාන වව්නියාව, මඩකලපුව, හම්බන්තොට ආදි ප්‍රදේශවලද ආරම්භ කිරීමට මෙම වසර තුළ කටයුතු සැලසුම් කර ඇති බව හෙතෙම කියා සිටියි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (04) වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය........... පෙබරවාරි මාසයේ සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක මිළ ස්ථාවර කිරීම දැන් හොඳින් ක්‍රියාත්මක වෙනවා. “සහල් කිලෝවක් රු100කට අඩුවෙන්ද සීනි කිලෝවක් රු99කටද, තිරිඟුපිටි කිලෝවක් රු84කට, පරිප්පු කිලෝවක් රු150කටද, කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රු 355කටද, කුකුල් මස් කිලෝවක් රු 400කටද, සතොස හා සමුපකාර වෙළෙඳසැල් හරහා පෙබරවාරි මාසයේ සිට අලෙවි කල අතර මාර්තු, අප්‍රේල් යන මාස දෙක සඳහා ද මෙම ස්ථාවර මිළ යටතේ අලෙවි කෙරෛනවා. සෘජු ආනයනකරුවන් හා දේශිය නිෂ්පාදකයින්ගේ භාණ්ඩ ස්ථාවර මිළ ගණන් යටතේ රජය මිළදී ගෙන පාරිභෝගිකයා වෙත ලබා දීම තුළින් සතොස ජනවාරි මාසයට වඩා 55%ක ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, ලංකා සතොස සභාපති රියාද් අද්මිරාල් ආනන්ද පිරීස්, සතොස ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු මහත්ම මහත්මින් පිරිසක් එක්ව සිටියහ.
පාසල් ළමුන් සඳහා රු300ක් අඩුවෙන් සපත්තු යුගලක් මේ මාසයේ සිට
RELATED ARTICLES