දැයේ දූ පුතුන්ගේ අධ්‍යපනය සඳහා මූල්‍යමය ආධාරයක් ලබා දීමේ අරමුණින් “ප්‍රඥාබන්දු” ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ස්ථාපිත කළ බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශෘලාවේදී පැවැති “ප්‍රඥාබන්දු” ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ස්ථාපිත කිරීමේ උත්සවය අමතමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය......... පහ වසර ශිෂ්‍යත්වය සමත් දූදරුවන්ට හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා රජයෙන් ශිෂ්‍යාධාර මුදලක් ලබා දුන් නමුත් දැනට උසස්පෙළ හදාරන සිසු දරුවන් වෙනුවෙන් මූල්‍යමය ආධාරයක් ලබා දී නොමැති බැවින් ආර්ථික අපහසුතා මධ්‍යයේ සිය උසස් අධ්‍යාපනය සිසුන් සඳහා මූල්‍යමය ආධාරයක් ලබා දීම වැනි කාලීන අවශ්‍යතා මෙම අරමුදලින් ලබාදීම බලාපොරොත්තුවෙනවා. ශ්‍රී ලංකාව තුළ පවත්නා විරැකියාවට විසඳුමක් වශයෙන් ආරම්භ කරන ලද උසස්පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස්පෙළ හදාරන සිසු දරුවන් වෙනුවෙන්ද මෙම “ප්‍රඥාබන්දු” ශිෂ්‍යත්ව භාරකාර අරමුදල සහයෝගය ලබාදෙනවා. . "මීට වසර 46කට පෙර මා විසින් විශ්ව විද්‍යාල ශිෂ්‍යකයෙකු වශයෙන් රචනා කරන ලද පළමු පොත වන "ආර්ථික විද්‍යවේ ප්‍රකීර්ණ විසඳුම්" ග්‍රන්ථයෙහි මා විසින් මෙසේ සඳහන් කොට තිබෙනවා."ශ්‍රී ලංකාවේ රැකියා ප්රනශ්නයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දැනට රැකියාවක් නොමැතිව සිටින අයගෙන් 25%කට වඩා වැඩි පිරිසක් අපොස සාමාන්යශ පෙළ හා උසස්පෙළ සමත්වූවන් වීමය. නිදහස් අධ්යාකපනය මඟින් බිහිකරන උගතුන් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සුදුස්සන් නොවන බවය. නිදහස් අධ්‍යාපනය මඟින් නිෂ්පාදනයට සම්බන්ධ විය නොහැකි ලිපිකරු වැනි අර්ථක්රනමයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ශ්‍රම ඇති ශ්‍රම ඒකක බිහිකළේය.පවත්නා රැකියා වලට නිසි උගතුන් නොමැති වීමත් සිටින උගතුන්ට නිසි රැකියා නොමැති වීමෙනුත් වහාම අධ්‍යාපන ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව පැහැදිලි වේ." තත්වය එසේ තිබියදී මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මා ලද අධ්‍යාපන අමාත්‍ය ධූර කාල සීමාවේදී මෙම විරැකියාවට විසඳුමක් වශයෙන් අපි තාක්ෂණ විෂය ධාරාව උසස්පෙළට හඳුන්වා දුන්නා. ඒ අනුව මෙම නව වෙනස සඳහා විවිධ බාධා, අවහිරතා ඇති වුවත් එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊට මූල් ප්‍රතිපාදන ලබා දී එම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ලබා දුන් සහයෝගය හේතුවෙන් අද වන විට මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර, විශ්ව විද්‍යාල වල නව තාක්ෂණ පීඨ බිහි වී තිබෙනවා. මේ හේතුවෙන් අද දින රුපියල් ලක්ෂ සියයකින් ආරම්භ කරනු ලබන මෙම ශිෂ්‍යත්ව අරමුදලින් දහස් ගණනක් වූ තාක්ෂණ විෂය ධාරාව හදාරන සිසු දරුවන්ගේ ඉදිරි අනාගතය වඩාත් වැඩදායී කරමින්, තම උපන්බිමටත්, නූපන් පරම්පරාවට තවදුරටත් සේවයක් සලසන, උපන්බිම පෝෂණය කරන, තමන් හැදූ වැඩූ දෙමව්පියන්ට ගෞරවයක් වන, රටට අභිමානයක් හා ලොවට සම්පතක් වන දරුවන් බිහි කිරීමට අවශ්‍ය දායකත්වය ලබා දෙන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා." මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය වැඩමවා සිටි අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන,දිනේෂ් ගුණවර්ධන,විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ,නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, මහාචාර්ය ජී.එල් පීරිස් රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේම්ජයන්ත්, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහාචාර්ය රංජිත් බණ්ඩාර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්, විද්වතුන්, විශ්ව විද්යාලල ආදි විද්‍යාර්ථයින්, අමාත්‍යාංශ නිලධාරින් සහ ව්‍යාපාරිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
දැයේ දරුවන් වෙනුවෙන් “ප්‍රඥාබන්දු” ආරම්භවෙයි
RELATED ARTICLES