තම දරුපවුල වෙනුවෙන් පියෙකුට කළ නොහැක්කේ කුමක්ද?
තම දරුපවුල වෙනුවෙන් සිය ජීවිතය පුදන්නටත් වෙනකෙනකුගේ ජීවිතය බිලගන්නත් ඔහුට කළ හැකි නේද?
පිළිතුර=ධර්ම යුද්ධය -2ජනවාරි 23 විමර්ශන යළි අරඹයි.
හැම මිනිහෙකුටම ලෝක තුනක් තියෙනවා. පළමු වැන්න කෙනෙක් ඇතුළේ තියෙන ලෝකය . දෙවැන්න ඒ කෙනාට පිටින් තියෙන භෞතික ලෝකය . තුන්වැන්න ,කලින් ලෝක දෙක අතර තමන් වෙනුවෙන්ම ඒ කෙනා හදාගත් ලෝකය. අන්න ඒ ලෝකය නැතිව කෙනෙකුට ජීවත්වෙන්න බෑ . මට මගේ පවුල තමයි ඒ ලෝකය .එයාලා වෙනුවෙන් මට ඕනෙම දෙයක් කරන්න පුලුවන් .
ඕනෑම සීමාවකට යන්න පුළුවන් ” ඒ තමයි හරිස්චන්ද්‍ර හිතන විදිය .2017 වසරේ තිරගත වූ ” ධර්ම යුද්ධය ” චිත්‍රපටයේ දෙවන දිගහැරුම ලෙසින් තිරයේ දිග හැරෙන ” ධර්ම යුද්ධය – 2 ” එළැඹෙන ජනවාරි 23 වන දින සිට තිරගත වීමට නියමිතව ඇත. මෙහි පළමු නිර්මාණය ද මෙරට ආදායම් වාර්තා රැසක් තැබීමට සමත් විය. එහි ප්‍රධාන චරිතය වන හරිස්චන්ද්‍රගේ භූමිකාවට මුල් කොටසේ ජීවය දුන් ජැක්සන් ඇන්තනි රංගධරයා වෙනුවට , දෙවන කොටසේ එම භූමිකාව බිමල් ජයකොඩි විසින් රඟ දක්වා ඇත. මහරාජා මාධ්‍යජාලයේ නිෂ්පාදනයක් ලෙසින් තිරයට එක්වන “ධර්ම යුද්ධය -2” චිත්‍රපටය අරුණ ජයවර්ධන ගේ අධ්‍යක්ෂණයක් වන අතර, අනුවර්තනීය තිර රචනයෙන් සහ නිර්මාණ සැලසුම්කරණයෙන් සුනෙත් මාලිංග ලොකු හේවා,විධායක නිෂ්පාදනයෙන් යසරත් කමල්සිරි,රේඛීය නිෂ්පාදනයෙන් ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක , කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය , සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ෂාන් අල්විස් , සහය අධ්‍යක්ෂණයෙන් රන්ජන් ප්‍රසන්න , නිෂ්පාදන කළමනාකරණයෙන් මොහාන් රාමනායක , කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම , අංග රචනයෙන් ප්‍රියංක රත්නායක , පසුබිම් සංගීතයෙන් කේෂාන් පෙරේරා , ගී පද රචනයෙන් අංජලී බුදවත්ත ජයවර්ධන සහ වසන්ත දුක්ගන්නාරාළ ,තේමා ගී තනු නිර්මාණයෙන් රවිහාන්ස් වැටකේපොත, ගීත ගායනයෙන් බිමල් ජයකොඩි, රශ්මිත අභිෂේක විජේරත්න සමගින් ඉෂාක් තිමති සිල්වා , ඇඳුම් නිර්මාණයෙන් නිවර්තනා මාන්නගේ, විශේෂ ප්‍රයෝග සජීවීකරණයෙන් කසුන් චන්ද්‍රනාත් පතිරණ , නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවාරච්චි, කොණ්ඩා මෝස්තර නිර්මාණයෙන් සන්තුස් නිමේෂ සහ ආලෝකකරණයෙන් අරියරත්න පෙරේරා එක්ව සිටි.
රංගන දායකත්වයෙන් බිමල් ජයකොඩි, දිල්හානි අශෝකමාලා , තිසුරි යුවනිකා , විනුමි වින්සදී , කුසුම් රේණු , ඩග්ලස් රණසිංහ , කුමාර තිරිමාදුර ,ආනන්ද අතුකෝරාල, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, සනත් ගුණතිලක , මව්ලි ෆර්ඩිනැන්ඩු , නලින් ලුසේනා , කලන ගුණසේකර , බුද්ධදාස විතානාරච්චි, මැල්කම් මචාඩෝ , කසුනි කාවින්ද්‍යා, හර්ෂිකා රත්නායක, තිලක්ෂණී රත්නායක, ආරියසේන ගමගේ , ඉරේෂ් ලක්මාල්, නිරුක්ෂාන් ඒකනායක, ජයරත්න ගලගෙදර ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා එක්වී සිටී.









