21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ලියාපදිංචි වී රට රැකියාවලට ගිය අය ගෙන්වා ගැනීම සහ නිරෝධායනය කිරීමරජ‍යේ වියදමින්

ලියාපදිංචි වී රට රැකියාවලට ගිය අය ගෙන්වා ගැනීම සහ නිරෝධායනය කිරීමරජ‍යේ වියදමින්

කාර්යාංශයේ ලියාපදිංචි වී රට රැකියාවලට ගිය අය ගෙන්වා ගැනීම සහ නිරෝධායනය කිරීමරජ‍යේ වියදමින් කරන බව කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කරයි. 

ඒ මහතා මේබව සඳහන් කළේ ඊයේ (16) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය..........විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මේ වන විට තිස් දහසකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට නැවත පැමිණ ඇති පැමිණ ඇති අතර ,තවත් විසි 20000ට ආසන්න පිරිසක් ගෙන්වා ගැනීමට තිබෙනවා. ඔවුන් ගෙන්වා ගැනීමට ප්‍රධාන බාධකය වී ඇත්තේ ශ්‍රී ලංකාවට ඔහු පැමිණීමෙන් පසු නිරෝධානය කිරීම සඳහා අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමයි. එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් නියමිත කාලය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අය කාර්යාංශයේ මුදලින් ශ්‍රී  ලංකාවට ගෙන්වා ගැනීමටත් ඔවුන්, කාර්යාංශය වියදමින් නිරෝධායනය කිරීමටත් අවශ්‍ය කටයුතු සැලසුම් කර  තිබෙනවා. 

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම හෝටලයක් හෝ නේවාසික පහසුකම් ඇති ස්ථානයක් කුලියට ගෙන  නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර ඉන් පළමු වෙනි නිරෝධායන මධ්‍යස්ථාන අටක් සති දෙකක් ඇතුළත ආරම්භ කරනවා.   එම නව නිරෝධායනය මධ්‍යස්ථාන පිහිටුවීමට හඳුනාගත් සුදුසු ගොඩනැගිලි පිළිබඳ ලැයිස්තුව මේ වන විට  covid19 මර්දන කාර්යසාධක  බළකායේ ප්‍රධානී  යුද හමුදාපති මේජර් ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත යොමුකර තිබෙනවා. එම මධ්‍යස්ථානවල සියලු වියදම් දරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයයයි.  මෙම විගමනිකයන් ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගිය අයට බවද කිව යුතුයි. ආරම්භක පියවර හැටියට දිස්ත්‍රික්ක අටක පමණ මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කරනවා.  එසේම ඉදිරියේ දී සෙසු දිස්ත්‍රික්කවල ද මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කර විදෙස්ගතව සිටින අපේ ශ්‍රමික ජනතාව කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරනවා.සමහර විට ඉදිරියේදී මෙම විදෙස්ගත ශ්‍රී  ලංකිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධව කෝවිඩ් මර්දන රෙගුලාසි ලිහිල්වීමට ඉඩ තිබෙනවා. එසේ වුවහොත් විගමනික ශ්‍රකමිකයන් මීට වඩා වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වෙනවා.  
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments