17.6 C
Sri Lanka
Thursday, January 15, 2026
Homeදේශීය පුවත්ඉන්දියානු යුද්ධ හමුදාධිපතිගේ මෙරට නිල සංචාරය සාර්ථකව අවසන්

ඉන්දියානු යුද්ධ හමුදාධිපතිගේ මෙරට නිල සංචාරය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි සහ එතුමන්ගේ භාර්යාව සුනීතා ද්විවේදි මහත්මිය 2026 ජනවාරි මස 06 වන දින සිට මෙරට සිදුකල නිල සංචාරය 2026 ජනවාරි මස 09 වන දින අවසන් කරන ලදි.

එම සංචාරය අතරතුරදී, ජෙනරල් ද්විවේදි විසින් මෙරට ජ්‍යෙෂ්ඨ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සමඟින් පුහුණු වැඩසටහන්, වෘත්තීය හමුදා අධ්‍යාපනය සහ කලාපීය ආරක්‍ෂක ගැටළු පිළිබඳව වූ වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

මෙරට රැදී සිටි කාලය තුලදී, ඉන්දියානු යුද්ධ හමුදාධිපති යුද්ධ හමුදාවේ ප්‍රධාන ආයතන කිහිපයක ද සංචාරය කළ අතර දෙරටෙහි සන්නද්ධ හමුදා අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබිඹු කරමින් යුද්ධ හමුදාවේ සුබසාධනය වෙනුවෙන් පරිත්‍යාග කිහිපයක්ද සිදුකරන ලදී.

මෙරටින් පිටත්ව යාමට පෙර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ සහ එම දූත පිරිස අතර විශේෂ සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුවිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments