ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීමේ කටයුතු දැන් ආරම්භවි තිබෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.යු.යු.එම්. රණවක මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්(23) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති 'ඇගේ ඉඩම අගේ අයිතියයි' මැයෙන් ශ්‍රී ලංකාවේ කාන්තා ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රතිපත්ති සංවාදයට එක්වෙමින්ය. මෙය නීතිය හා සමාජභාරය සංවිධානය කර තිබිණි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා.............එම සංශෝධන කටයුතු සඳහා තිබෙන යහපත් අදහස් ස්වෙච්ඡා සංවිධානවලට හා පුද්ගලයින්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාවද තවම තිබෙනවා. එදා දිසාපතිවරු යටතේ ඉඩම් අංශයක් හා දිස්ත්‍රික් ඉඩම් නිලධාරියෙක් සිටියා. පසුව ප්‍රාදේශීය ලේකම්වරු දක්වා එය විමධ්‍යගතවුණා. බලය විමධ්‍යගත වුණු තරමට අවශ්‍ය සම්පත් හා දැනුම විමධ්‍යගත වුණේ නැහැ. ඒ නිසා විශාල රික්තයක් තිබෙනවා. බලය තිබෙන තැන දැනුම හා ශක්තිය නැහැ. ඒ දේවල් තියෙන්නේ බලය නැති තැන. ඒ දෙක සමාන නොවීමේ පල විපාක තමයි මම හිතන්නේ තියෙන්නේ.ඒ නිසා මෙය නිවැරැදි කළ යුතුයි. ඒ නිසා දැනුම බෙදා දිය යුතුයි. ප්‍රාදේශීය කියන කුඩා ස්ථානයකට වැඩ බලයක් ලබාදුන්නාම එය කළමනාකරණය කරන්න දැනුම තිබිය යුතුයි. එදා ඉඩම් නිලධාරියෙක් කියන ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ කාර්ය ඊට කුඩා තැනක සිටින කණිෂ්ඨ නිලධාරියකුගෙන් කරන්න තිබෙන අපහසුව තමයි තියෙන්නේ. ඉඩම් සොයා බැලීම, අපක්ෂාපත තීරණ ගැනීම, කඩිනම්ව අප්‍රමාදව තීරණ ගැනීම කියන රාජ්‍ය සේවයේ තිබෙන ගුණාත්මක ගති ලක්ෂණ අද වනවිට පිරිහීමකට ලක්වෙලා තිබෙනවා. ඊට අපි විවිධ පියවර ගන්නවා අණපනත් සංශෝධනය කරනවා. විශේෂයෙන් ඉඩම් ආඥා පනත ගැන අපි ඉකුත් ජනවාරි මාසයේදී අමාත්‍යා මණ්ඬලයට සංදේශයක් ඉදිරිපත් කරලා. 1935 ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කරන්න අනුමැතිය ලබාගත්තා.ඒ අනුව දැන් එම කටයුතු ඉඩම් කොමසාරිස් ජනරාල් ඇතුළු පිරිස එම කටයුතු කරගෙන යනවා. ඒ සංශෝධන නීතිපති දෙපාර්තමේන්තුවට යවලා සාකච්ඡාවකුත් සිදුකළා. එයින් අපිට කෙටුම්පත් සකස් කරලා එව්වා. ඊට තවත් අපේ තිබෙන සංශෝධන සකස් කොට යැව්වා. ඉදිරියේදි තවත් සකස්කොට නීතිපති දෙපාර්තමේන්තුවට යැව්වාම එහිදි යළ කෙටුම්පතක් සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අපි අප්‍රේල් මැයිමාස වනවිට සම්මත කරගන්න ඉලක්ක නියම කරගෙන තිබෙනවා. එහිදි කාන්තාවන් සම්බන්ධයෙන් තිබුණු සීමාවන් ගැන කතා කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසඳර වැඩසටහන් දහසයකට පමණ සම්බන්ධවුණා එහිදීත් කාන්තාවන්ට පසු අයිතිය නම් කරලා නැත්නම් ඒ ඉඩමේ අයිතිය යන්නේ වැඩිමහල් පිරිමි ළමයාටයි. ඒ පුද්ගලයා එම ප්‍රදේශයේ නොසිටියාත්, වෙනත් රටක සිටියාත් ඔහුට තමයි අයිතිය යන්නේ. අපි ඒක වෙනස් කළා. එහිදි අපි ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව දරුවන් කියන එක ඇතුළත් කළ අතර ඉඩම සංවර්ධනය කරන කියන එකත් ඇතුළත් කෙරුවා. ඉන් අපි බලාපොරොත්තුවුණෙ කාන්තාවන්ට ඇතිවු අඩු සැළකිල්ල ඉවත් කරන්න. ඒක එක් අවස්ථාවක් පමණයි. අපේ ඉඩම් අයිතිය දෙස බැලුවොත් තවත් ඔබලාගේ අදහස් තිබෙනවා එවන්න ඊට තවමත් ඉඩකඩ තිබෙනවා වෙනස්කම් කරන්න. එහි තවත් වැදගත් සංශෝධන රැසක් තිබෙනවා. මෙම ස්ථානයට වැදගත්වන කරුණක් පමණයි මම ප්‍රකාශ කළේ. ඉඩම සංවර්ධනය කරන භුක්ති විඳින කෙනාට එම ඉඩමේ අයිතිය ලැබෙන ආකාරයට තමයි පනත සංශෝධනය කර තිබෙන්නේ. අපේ රටේ වැඩිවශයෙන් ඉඩම් අයිති වෙන්නෙත් වෙලා තිබෙන්නේත පුරුෂ පාර්ශවයටයි. ඊට අපේ හුරු පුරුදු හා සංස්කෘතික ක්‍රම අනුවත් පුරුෂ මූලික සමාජයක සිටින නිසා තමයි ඒ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. අද විනවිට කාන්තාව ගෘහස්ථ පාලනයෙන් ඉවත්ව කාන්තාව ආර්ථික හා සමාජීයිය කටයුතු වලට ඉදිරිපත්වෙලා තිබෙනවා. එදා රාජ්‍ය අංශයේ ඉහල තනතුරුවලට සිටියේ කාන්තාවන් එකසිය තිහයක් පමණයි. දිසාපති තනතුරුවලට කාන්තාවන් ගියෙත් නැහැ. ඒ අයම සිතුවා ඒ අයට එම තනතුරු සුදුසු නැහැ කියලා. මැනුම් කටයුතු සඳහා පිරිසක් බඳවා ගන්න යන අවස්ථාවක මැනුම්පතිණිය කිව්වා ඊට ගැලපෙන්නේ පිරිමි කියලා. මේ සඳහා විභාගයක් පැවැත්වුවහොත් වැඩි ලකුණු අරගෙන තේරෙන්නේ කාන්තාවන් එවිට අපේ වැඩේ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සම්මුඛ පරීක්ෂණයක් පවත්වමු යැයි ඇය යෝජනා කළා. ඉස්සර හැඳිමිටේ නුවණ කිව්වට අද කාන්තා පාර්ශවය ඉදිරියට ඇවිල්ලා. ඉස්සරත් කාන්තාවෝ ගෘහස්ථවල ආර්ථික කටයුතුවලට දායක වුණා. කාන්තාවන්ට ඉඩම් කච්චේරිවලදී සහයෝගයක් දෙන්න කියලා ඉල්ලන අතර එය ඕනෑවට වඩාත්ම සම අවස්ථාව නොවේ සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙස තමයි ඉල්ලා සිටින්නේ. අපේ ප්‍රතිපත්තිය තමයි ඉපදෙන සෑමදෙනකුටම පදිංචිවීමට ඉඩමක් තිබිය යුතුයි කියන එක. එමෙන්ම තමන් ආර්ථික කටයුතු සඳහා වගා කරන්න ඉඩමක් තිබියු යුතුයි. ඊට ලේඛනයකුත් තිබිය යුතුයි. නැත්නම් ඒ කෙනාට ඉඩමක් සංවර්ධනය කරන්න උනන්දුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජාතික නිෂ්පාදනය වැඩිකිරීමට රුකලක් වෙනවා ඉඩම් සඳහා කඩදාසියක් ලබාදීමෙන්. ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩි. කීර්ති ගමගේ මහතා.........වනජීවි දෙපාර්තමේන්තුව හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම්වල ජනතාව පදිංචිවි සිටිනවා කියන එකට විසඳුම් ලබාදීම සඳහා අපි යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එහිදි එම ජනතාවට සාධාරණයක් සිදුවෙයි. ඉඩම් කොමසාරිස් අසන්ත ගුණසේකර මහතා..........එදා වැඩමහල් පිරිමි දරුවාට ඉඩමේ අයිතිය ලබාදිය යුතු බවට තෙවන උපලේඛනයේ සඳහන් වූයේ එදා තිබුණු පාරිසරික තත්ත්වය අනුව පියාට ජීවිත හානියක් සිදුවුවහොත් එම පවුල ආරක්ෂා කිරීමේ වගකීම වැඩිමහල් දරුවාට පැවරෙන නිසයි. දැන් එම තත්ත්වය වෙනස් නිසා නීති සංශෝධනය සිදුවෙයි. මේ අවස්ථාවට ඌව පළාත් ඉඩම් කොමසාරිස් ජි.ඩබ්ලිව්.සී.එස්. ප්‍රියභාෂිණි,උතුරුමැද පළාත් ඉඩම් කොමසාරිස් එස්.එස්.එම්. සම්පත් රෝහණ, උතුරු පළාත් ඉඩම් කොමසාරිස් පී. කුගනාදන්,වයඹ පළාත් ඉඩම් කොමසාරිස් එම්.ඒ.බි.සි.ආලෝක බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද නීතිය හා සමාජභාරයේ ප්‍රධාන නිලධාරි මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්වූහ.
ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීමේ කටයුතු ඇරඹෙයි
RELATED ARTICLES