29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගෘහ සේවිකාවන් වෙනුවෙන් ලක්ෂ දහයක් ඒජන්සිකරුවන්ට කතාව අසත්‍යයි

ගෘහ සේවිකාවන් වෙනුවෙන් ලක්ෂ දහයක් ඒජන්සිකරුවන්ට කතාව අසත්‍යයි

ගෘහ සේවිකාවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක් ඒජන්සිකරුවන්ට ලැබෙනවා කියන කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතර ඒ පිළිබඳ සිදුකරන ඕනෑම විගණනයකට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යාතන සංගමය කියා සිටියි.

මේ සම්බන්ධයෙන් එම සංගමයේ ලේකම් එම්.එෆ්.එම්.අර්ෂාඩ් මහතා මෙසේද කීය..........ගෘහ සේවිකාවන් වෙනුවෙන් රුපියල් ලක්ෂය දහයක් ලැබෙන බව සඳහන් කිරීම පදනම් විරහිත ප්‍රකාශයකී. මෙය රටෙන් රටට හා සේවකයාගේ වයසෙන් වයසට ලැබෙන ගණන වෙනස් වේ. අප වෙත ප්‍රේෂණය වන සියලුම පෙරවිගමිණික වියදම් වෙනුවෙන් වාර්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉදිරිපත් කරන අතර ඒ වෙනුවෙන් සෙස් මුදල්පවා ගෙවීමට කටයුතු කර තිබෙනවා. එසේම සියලුම ප්‍රේෂණ මහා බැංකුවේ ලියාපදිංචිවි ඇති බැංකු හරහා ගෙන්වා තිබෙනවා. 

අපගේ සියලුම  බලපත්‍ර ලාභීන් නියාමනය වන්නේ කාර්යාංශයේ පනත හා ගැසට් නිවේදනය අනුවයි. වසංගත තත්ත්වය හමුවේ රජය කිසිදු සහනයක් නොමැතිව බලපත්‍ර ලාභීන් මාර්ගයෙන් ලියාපදිංචිවු නීත්‍යානු කූලව රැදි සිටින ශ්‍රමිකයින් ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර ඔවුන්ගේ සුබසාධනයට අපගේ දායකත්වය තිබුණු නිසා මේ දක්වා තත්ත්වය පාලනය කර ගත හැකිවිය. නැත්නම් තත්ත්වය මීට වඩා දරුණු විය හැකියි. 

ණය නොවි විදේශ විනිමය ශ්‍රී ලංකා වට ගෙන්වා ගැනීම පිළිබඳ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව ඒ සඳහා වන එකම විකල්පය වන විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය ඉදිරිපත් කරන්නට අපි සැලසුම් කළ අවස්ථාවේදි එය කඩාකප්පල් කිරීමක්දැයි  හැඟේ.

රට මුහුණ දුන් සෑම ව්‍යසනයකදීම අප වසර හතළියක් කිසිදු රාජ්‍ය ආයෝජනයක් නොමැතිව ගොඩ නගාගත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබුණු විදේශ විනිමය නිසා අප දේශයට මහත් අස්වැසිල්ලක්වු බව කිව යුතුයි. 

මෙම සංගමයේ සභාපති එම්.එෆ්. මරික්කාර් මහතා......... මෙම රුපියල් ලක්ෂ දහයේ මුදල් ලැබෙනවා නම් ඔප්පු කරන්නැයි අභියෝගයක්ද එල්ල කළේය. එමෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රයේ සිදුවි ඇති රුපියල් බිලියන ගණනක අක්‍රමිතා පිළිබඳ කෝප් කමිටුවේ තිබෙන බවද පැවසීය.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments