අඟහරුවාදා, පෙබරවාරි 10, 2026
HomeUncategorizedශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය ජපානයේදී උත්කර්ෂවත් ලෙස සැමරීම.

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය ජපානයේදී උත්කර්ෂවත් ලෙස සැමරීම.

ජපානයේ ශ්‍රීී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ හැත්තෑ අටවන නිදහස් සමරු නිල රාජ්‍ය උත්සවය ටෝකියෝ හි රෙයියුකායි ශාකාඩාන් විහාරයේ කොටානි ශාලාවේ දී (Kotani Hall, Reiyukai Shakaden Temple, Tokyo) ඊයේ (04) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මියාමොටෝ ෂින්ගෝ මහතා මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර,ජපාන මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික ගරු මට්සුෂිතා ෂින්පේ මහතා ද එම අවස්ථාවට එක් විය.

ජපානය සමඟ පවතින පොහොසත් සංස්කෘතික උරුමය සහ කල් පවතින මිත්‍රත්වය සමරමින් මෙම නිදහස් සැමරුම් උත්සවයට දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින්, ජපන් නිලධාරීන්, ජපානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් එක් වූහ.

ටෝහෝ ගකුයෙන් සංගීත පාසලේ (Toho Gakuen School of Music) කනොන් යසුසුකා (Ms. Kanon Yasuzuka) මහත්මිය විසින් ගායනා කරන ලද ශ්‍රී ලංකාවේ සහ ජපානයේ ජාතික ගී සමඟ උත්සවය ආරම්භ විය.
1945 හිරෝෂිමා පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇදහැළුනු අම්ල වැසි ව්‍යසනයෙන් පසු ඉතුරු වු කිමෝනාවකින් නිර්මාණය කරන ලද අලංකාර ගවුමකින් සැරසී සිටි කනොන් යසුසුකා (Ms. Kanon Yasuzuka) මහත්මිය එහි දී වාදනය කළ හිබකු වයලීනය පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක් වූ හිරෝෂිමාවේ හිපෝසෙන්ටර් සිට කි.මී දෙක හමාරක් දුරින් සොයා ගත් වයලීනයක්වීම මෙම උත්සවයට එක් ව සියලු දෙනාගේ සිත් ගත් සිදුවීමක් වූ බව ජපානයේ ශ්‍රී ලංකාා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් ජීවිත පූජා කළ අයට සහ මෑත කාලීන දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට ගෞරව කිරීම සඳහා සියලු දෙනා මිනිත්තුවක් නිශ්ශබ්දතාවයක් පැවැත්වූහ.

ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ , අගමැති ගරු හරිනි අමරසූරිය මෙනවියගේ සහ විදේශ කටයුතු අමාත්‍ය ගරු විජිත හේරත් මහතාගේ නිදහස් දින පණිවිඩ ඉන්පසු ප්‍රකාශයට පත් කළේය.

අනතුරුව ගෞරවනීය ආරාධිත අමුත්තා වූ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මියාමොටෝ ෂින්ගෝ මහතා ශ්‍රී ලංකාව සහ ජපානය අතර කල් පවතින හවුල්කාරිත්වය ඉස්මතු කරමින් ද මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික ගරු මට්සුෂිතා ෂින්පේ මහතා ද රැස්ව සිටි පිරිස අමතමින් අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ සහ සංස්කෘතික හුවමාරුවේ වැදගත්කම නැවත තහවුරු කරමින් අදහස් දැක්වූහ.

ඉන්පසු ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා, ශ්‍රී ලාංකේය ජාතිය සාමය, සමෘද්ධිය සහ සංවර්ධනය කරා යන ජයග්‍රාහී ගමන ගැන මෙනෙහි කරමින් ඊට ලැබෙන ජපානයේ අඛණ්ඩ සහයෝගය සහ මිත්‍රත්වයට ස්තූති කළේය.

ශ්‍රී ලංකාවේ බහු වාර්ගික අනන්‍යතාවය සහ ශ්‍රී ලංකාව සහ ජපානය අතර කල්පවත්නා මිත්‍රත්වයේ සබඳතා සමරන විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනය සහ ශ්‍රී ලංකාවේ දිවයිනේ උතුරු, උඩරට, දකුණු සහ නැගෙනහිර සූපශාස්ත්‍ර උරුමය නියෝජනය කරන විවිධ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කෑම වර්ග සහිත සුවිශේෂ සංග්‍රහයක් පැවැත්වුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments