23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අවුරුදු සමයේ රියඅනතුරු ඉහල යෑමක්.

අවුරුදු සමයේ රියඅනතුරු ඉහල යෑමක්.

රිය අනතුරු හේතුවෙන් ඊයේ (14) දින තුළ පමණක් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් මරණ 10ක්ම වාර්තා වී ඇත්තේ ඊයේ දිනය ඇතුළත සිදුවූ රිය අනතුරුවලින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඊයේ දිනය තුළ අධිවේග මාර්ගවල සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 12කි. 

වෙනත් මාර්ගවලදී රිය අනතුරු 109ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව ඊයේ දිනය තුළ රිය අනතුරු 121ක් පමණ වාර්තා වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම රිය අනතුරුවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 74කි.

එලෙස රිය අනතුරුවලට වැඩි වශයෙන් ලක්ව ඇත්තේ යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 53කි. අනතුරුවලට ලක්වූ ත්‍රීරෝද රථ සංඛ්‍යාව 30කි.

අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ අද (15) දිනයේ ද රිය අනතුරු තවත් ඉහළ යාහැකි බැවින් රියදුරන් ප්‍රවේශමෙන් රිය ධාවනය කළ යුතු බවය. 

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පසුගිය පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 758 දෙනෙකු පොලිස් අත්අඩංගුවටගෙන තිබේ.

මේ අතර අලුත් අවුරුදු සමය තුළ සිදුවු අනතුරු පසුගිය වසරට සාපෙක්ෂව මේ වසරේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසති.

පසුගිය වසරේ අප්‍රේල් 13 සහ 14 යන දින දෙක තුළ අනතුරු 101 වාර්තා වී තිබුණි.

කෙසේවෙතත් මෙවර අලුත් අවුරුදු දිනය තුළ පමණක් අනතුරු 120කට අධික ප්‍රමාණයක් වාර්තා වන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඊයේ දිනය තුළ මාර්ගයේ සිදුවු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර තිබේ. 

නිවසේදී සිදුවු අනතුරු හේතුවෙන් 15 දෙනෙකු රෝහල්ගතකර ඇති අතර ගිනිකෙළි අනතුරුවලින් රෝහල්ගතකර ඇත්තේ පුද්ගලයින් සිව්දෙනෙකු පමණකි.

ඉකුත් වසරේ දී ගිනිකෙළි අනතුරු හේතුවෙන් එක් පුද්ගලයෙකු පමණක් රෝහල්ගත කෙරුණු බව කොළඹ ජාතික රෝහල සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments