ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය , ආහාර සම්බන්ධ පරීක්ෂා කටයුතු කරන රජයේ හා පෞද්ගලික ආයතන අධීක්ෂණය කිරීමට තිබෙන ප්‍රතීතන ආයතනයේ කටයුතු ක්‍රියාත්මක කරමින් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණ සිදුකරමින් පාරිභෝගික ජනතාවට වඩා හොඳ ආරක්ෂණයක් ලබාදෙන්න කටයුතු කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්(12) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද කීය…………….පොල්තෙල් සම්බන්ධ සිද්ධිය පාරාම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය දඹුල්ලේදී සිදුකළ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් අනුවයි. එහි පොල්තෙල් හා පොල් කර්මාන්තයට දේශීය හා විදේශීය වශයෙන් විශාල අපකිර්තීයක් හා පසුබෑමක් ඇතිවන ආකාරයක් තමයි නිර්මාණය කෙරුණේ. එය නිවැරැදි කළ හැක්කේ පළමු මාධ්‍ය හමුව පැවැත්වූ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයයි. එම සංගමයේ සෑම දිස්ත්‍රික්කයක්ම පාහේ නියෝජන කරන අය මෙම ස්ථානට පැමිණ සිටිනවා.
අපි රජයක් වශයෙනුත් , දේශීය නිෂ්පාදකයෝ වශයෙනුත් රටේජනතාවට වසවිස ලබාදෙන්න සිහිනෙන් පවා හිතන්නේ නැහැ. ජාත්‍යාන්තරය තුල මෙරට පොල් තෙල් ගැන සමහරු ගෙන ගිය අසත්‍ය ප්‍රචාර්යන්ට මුහුණ දීලා පරම්පරාවෙන් පරාවට රැක ගත්ත මේ කර්මාන්තකරුවන් කටයුතු කර තිබෙනවා. එහි වසවිස තිබෙනවා කියලා සමහරුන් බාල දේශපාලනයක් කරනවිට එම කර්මාන්තවලින් ජීවත්වන අයටත් සිදුවන හානිය ගැන නොසිතන තත්ත්වයක් මත තමයි මේ මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ.
ජනවාරි මාසයේ පැවැත්වුණාට වඩා භාණ්ඩවර්ග විසිහතක ස්ථාවර මිලක් පවත්වාගෙන යෑමට තීරණය කළා එහිදි රුපියල් එකසිය අසුවට වඩා තිබුණු පරිප්පු කිලොවක් රුපියල් එකසිය හැටපහට, රුපියල් හත්සීයට තිබුණු හාල්මස්සන් කිලෝවක් රුපියල් පන්සිය හැත්තෑපහට,රුපියල් දෙසිය තිහයට තිබුණු ළූණු කිලෝවක් රුපියල් අනුවකට යනාදී වශයෙන් මිල ස්ථායි කරණ කළ අතර මෙය ඉදිරි මාසතුන දක්වාත් දිරඝ කර තිබෙනවා. ඒ අනුව සියලුම පුවත්පත්වල මෙම දැන්වීම ඵල කරමින් මැයි , ජූනි හා ජූලි වශයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ස්ථායි කරණය කිරීම සඳහා ස්වජාතික නිෂ්පාදන කරුවන්හා සෘජු ආනයනකරුවන්ගෙන් අභිප්‍රාය කැඳවන ප්‍රසිද්ධ දැන්වීම් කැඳවලා තිබෙනවා. මේ සඳහා ගිවිසුම් ඇති කරන අතර සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයත් එම ගිවිසුමට ඇතුළත් වීමට බලාපොරොත්තු වෙනවා.
අපි මේ අවුරුදු සමයෙන් පසු බලාපොරොත්තු වෙනවා සියලුම ප්‍රමිති ආයතනය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශවල පරීක්ෂණ කරන ආයතන අධීක්ෂණය කරන්න වෙනම ආයතනයක් තියෙනවා ප්‍රතීතන ආයතනය කියලා. ඒ ආයතනය විශේෂිත පනතකින් සම්මත කරලා වෙළෙඳ අමාත්‍යාංශය යටතේ තමයි තිබෙන්නේ. අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණ කරන්න පුළුවන් ස්ථාන දෙකක් ඒ ආයතනය විසින් අනුමත කරලා තිබෙනවා. එහිදි ජාත්‍යාන්තර සහතිකයට සමාන සහතිකයක් දෙන්න පුළුවන් වෙනවා. ඒ අනුව පේරා දෙණිය විශ්වවිද්‍යාලයේ පශුසම්පත් අංශයේ පරීක්ෂණාගාරය සහ රත්මලානේ තිබෙන පෞද්ගලික ආයතනය මගින් ඉදිරියේදී කිරිපිටිවර්ග, වෙනත් ටින්මාළු,මිරිස් ඇතුළු අනෙකුත් භාණ්ඩ දියුණු මට්ටමේ පරීක්ෂණවලට ලක් කරලා පාරිභෝගික ආරක්ෂාව ලබාදෙන්න.