සඳුදා, මාර්තු 9, 2026
HomeUncategorizedශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ලංකා ගුවන් හමුදා කාන්තා කාර්ය මණ්ඩලයේ සුවතාව, විශ්වාසය සහ පුද්ගලික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබු විශේෂ වැඩසටහනක්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ක්‍රීෂාන්ති එදිරිසිංහ මහත්මියගේ මාර්ගෝපදේශය යටතේ, British Cosmetics ආයතනය සමඟ එක්ව 2026( 04) කටුනායක පිහිටි ඊගල්ස් ලැගූන් විව් හෝටලයේදී සාර්ථකව පැවැත්විනි.
මෙම වැඩසටහන තුළ සහභාගී වූවන් සඳහා සුම්බා ව්‍යායාම සැසි, රූපලාවණ්‍ය හා ස්වයං සත්කාරය පිළිබඳ වැඩමුළු ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබුණි. එසේම වෛද්‍ය ශානිකා අරුසකුලරත්න සහ වෛද්‍ය සුලෝචන සිගේරා විසින් සෞඛ්‍යය, පුද්ගලික වර්ධනය සහ කාන්තා ශක්තිකරණය පිළිබඳ වැදගත් දැනුම හා ආදර්ශවත් අදහස් හුවමාරු කරමින් සහභාගී වූ සියලු දෙනාට ප්‍රයෝජනවත් මඟපෙන්වීමක් ලබා දෙන ලදී.
කාන්තා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය, සතුට හා ආත්ම විශ්වාසය වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන, සහභාගී වූ සියලු දෙනාට අමතක නොවන මතකයන් රැසක් එක් කරමින් සාර්ථකව අවසන් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments