22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රජයේ ලියාපදිංචි විදේස රැකියා ඒජන්සිකරුවන්ගේ සංගමයේ සභාපතිට තර්ජනය කිරීම හෙළාදකිනවා. කම්කරු ඇමැති

රජයේ ලියාපදිංචි විදේස රැකියා ඒජන්සිකරුවන්ගේ සංගමයේ සභාපතිට තර්ජනය කිරීම හෙළාදකිනවා. කම්කරු ඇමැති

රජයේ ලියාපදිංචි විදේශ රැකියා ඒජන්සිකරුවන්ගේ සංගමයේ සභාපති මරික්කාර් මහතාට උප ඒජන්තවරයකු මරණ තර්ජන එල්ල කිරීම තරයේ හෙළා දකින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කරුණු දක්වමින් ඇමැතිවරයා මෙසේද කීයා සිටියි……..
බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන(alfea) සංවිධානය විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මැති ඇමැතිවරු සමග එක්ව තමන්ගේ ආදායම් මාර්ග අහිමි කරන බවට තර්ජනය කරමින් මරික්කාර් මහතාට පහර දීමට තැත් කිරීම සහ මරණීය තර්ජන එල්ල කිරීම ඉතාමත් බරපතළ කාරණයක්වේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයථා මාර්ග වලින් සහ වෙනත් උපාය මාර්ගවලින් විවිධ රැකියා සඳහා පසුගිය කාලයේ දී මේ රටේ ශ්‍රමිකයන් විවිධ රටවල්වල රැකියා සදහා විදේශගත කළ යම් යම් කල්ලි කණ්ඩායම් මේ වන විට alfea සංවිධානයට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව තමන්ගේ විශ්වාසයයි.

මෙසේ අයථා මාර්ග වලින් විදේශගත වන අපේ ශ්‍රමිකයන්ට යම් කිසි කරදරයක් වූ විට හව්හරණයට කිසිවෙක් නොමැති වන නිසා,මෙසේ අයථා මාර්ග වලින් විදේශගතවන අය වැළැක්වීමට කටුනායක ගුවන් තොටුපළේ විශේෂ විධිවිධාන යෙදීම නිසා කුපිත වූ පිරිස් ඇල්ෆියා සභාපති මරික්කාර් මහතාට මෙසේ පහර දෙන්ට ඇතැයි තමන්ට වාර්තා වී තිබෙනවා.

රජයේ ලියා පදිංචි ඒජන්සිකරුවන් යනු රජය සමඟ නීත්‍යානුකූලව කටයුතු කරන කණ්ඩායමක් බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව සම්පාදනය කිරීම තමන්ගේ වගකීමක් ලෙස සලකන බවත්,එම නිසා මරික්කාර් මහතා සහ එම සංවිධානයේ අනෙකුත් නායකයන් වෙනුවෙන් තමන් මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව තමන් කැප වී කටයුතු කරනවා.
ඒ අනුව මෙම පහරදීමට අදාළ පුද්ගලයන්ට එරෙහිව අදාල නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි විශ්‍රාමික බ්‍රිගේඩියර් මහින්ද හතුරුසිංහ මහතාට තමන් උපදෙස් දුන් බවත්, ඒ අනුව ,නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ මරික්කාර් මහතාට පහර දීමට අදාළ පුද්ගලයා මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුමන තර්ජන ආවත් අයථා මාර්ග වලින් සහ සූක්ෂම ක්‍රම ඔස්සේ අපේ රටේ ශ්‍රමිකයන් විදේශගත කිරීමේ ක්‍රියාවලිය නතර කිරීමට උපරිම පියවර ගන්නවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments