වසරකට මහාමග අනතුරුවලින් තුන්දහසක් පමණ මිය යනවා. ඉකුත්වසරේ 2,710යි.
දිනෙන්දින වැඩිවෙන මෙම අනතුරු හා මරණවලට හේතුව මහමග ගමන් කරන අයගේ විනයක් නැති කමයි මාර්ගවල ගමන් කරන සියලු දෙනා ඒ සම්බන්ධ දැඩි අවධානයෙන් ගමන් කළ යුතුයි.අපිට මේ අහිමි වන්නේ රටේ ශ්‍රම බලකායයි. කොපමණ නීති රීති උපදෙස් ලබා දුන්නත් තම තමන් කල්පනා කොට දැඩි විනයකින් යුතුව මාර්ගවල සිහිකල්පනාවෙන් ගමන් නොකළ හොත් ඔබේ ජීවිතය අනතුරේ.
රටක් ජාතියක් ලෙස මෙය වහාම අවධානයට ගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කැඳවා තිබු මාර්ග අනතුරු වළක්වා ගැනීමේ විද්වත් කමිටුවේ විද්වතුන් පෙත්වාදෙති.
මහපාරේ මැරෙන්නට නියමිත මිනිසුන්ගේ ඛේදවාචකය ජාතියක් විනාශ කිරීමට පෙර පුරවැසි වගකීම හඳුනා ගනිමු. අප මරණය අතට අරන් පාරට බසින මිනිස්සුය.
එවැනි රටක ජීවත්වන මිනිසුන්ට මේ එළඹෙන්නේ උත්සව සමයක් පමණක් නොවේ. බහුලව මහ මග මිනිස්සු මැරී වැටෙන කාලයකි. මේ ඇත්ත අප තනි තනිව අවබෝධ කරගත යුතු මොහොතක් එළඹ ඇති බව අවධාරණය කරමු.
මෙතෙක් සිදුකළ දත්ත විශ්ලේෂණවලින් පෙනී යන්නේ ඇරඹී ඇති අප්‍රේල් මාසයේ රිය අනතුරු මරණ වෙනත් මාසවලට සාපේක්ෂව සියයට 10 සිට සියයට 30ක් දක්වා වැඩිවීමට නියමිත ආකාරයයි. පසුගිය වසර දෙක තුළ පමණක් ප්‍රකාශිත දත්ත ප්රමාණවත්ය. 2024 දී අප්‍රේල් මස රිය අනතුරුවලින් 204ක් මහ මග මිය ගියහ. 2025 අප්‍රේල් මුල් සති දෙක තුළ පමණක් පාරේ මළ සංඛ්‍යාව 105 දෙනෙකි.
ඔබට කිව යුතුව ඇත්තේ මේ මාසය අවසන් වනවිට මේ රටාව අනුව හවසට ගෙදර එන්නට නියමිත මිනිසුන් 200ක් – 220ක් අතර ප්‍රමාණයක් යළි ගෙදර නොඑන බවය. වඩාත් සරලව කීවොත් දවසකට 6-7ක් ප්‍රමාණයක් මහ පාරේ මැරෙන්නට නියමිත බවය.
ඒ ගෙදර නොඑන පුද්ගලයා ඔබ නොවීමට ඔබට දිය හැකි සහතිකයක් නැති බව ඔබ අවබෝධ කරගත යුතුය. අපෙන් වියුක්තව හැමදේම සිදුවන්නේ නැති බවට වන වටහාගැනීම සමග රිය අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් පුද්ගල වගකීම සහතික කිරීමට එක්වන මෙන් ආරාධනා කරමින් මෙම තොරතුරු ඔබ වෙත නිකුත් කරමු.
ගතවූ වසර 05 තුළ මේ රටේ රිය අනතුරුවලින් නිරපරාදේ මහ මග මිය ගිය සංඛ්‍යාව 15000කට වැඩිය.
2020 වසරේ රිය අනතුරු මරණ සංඛ්‍යාව 2363කි,2021 වසරේ මරණ සංඛ්‍යාව 2513කි,2022 දී එම මරණ ප්‍රමාණය 2515 දක්වා තවත් වැඩි වී ඇත,2023 දී 2321ක් දක්වා යම් අඩු වීමක් වාර්තා වී තිබේ,2024 දී එම මරණ සංඛ්‍යාව 2521කි, 2025 වසරේ දී වාර්තාගත වැඩිවීමක් සහිතව මරණ 2710 දක්වා ඉහළ ගොස්ය.
අවධානය කළ යුතු භීතිසුළුම ඛේදවාචකය රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කරන්නෙය. එනම් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගතවූ මුල් මාස තුන තුළ රිය අනතුරු මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන වැඩිවීමක් වාර්තා වන බවය. මේ වසරේ මාර්තු මස 10 වැනි දින වනවිට වාර්තාවන දත්ත ප්‍රකාරව මාරක රිය අනතුරු 457කින් 475 දෙනෙක් මිය ගොස් තිබේ. වාර්තා වී ඇති බරපතළ අනතුරු සංඛ්‍යාව 983කි. බරපතළ තුවාල ලැබූ පිරිස 1800කට ආසන්නය. මෙය 2025 ට සාපේක්ෂව මාරක අනතුරු 50ක සහ මරණ 56ක වැඩිවීමකි.
ගතවූ කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් මිය ගිය බහුතරය යතුරුපැදිකරුවන් සහ ඔවුන් සමග ගමන් කළ පසු පැදිකරුවන් වීම සැලකිල්ලට ගත යුතු තත්ත්වයකි. එය පෙර වසරට වඩා කැපී පෙනෙන වැඩිවීමක් බව පෙනී ගොස් ඇත. 2025 වසරේ දී වැඩි වශයෙන් රිය අනතුරුවලින් මිය ගොස් තිබුණේ පදිකයින්ය. එය සමස්ත රිය අනතුරු මරණවලින් සියයට 31%ක් ආවරණය කළේය.
මේ පෙළගැසෙන දත්ත ප්‍රකාරව අපට කිව හැකි මහා වේදනාත්මක පුරෝකථනයක් තිබේ. මේ ගත වන්නේ අප්‍රේල් මාසය ය. තවත් මාස 08ක් ගෙවී මේ වසර අවසන් වන්නට තවත් 2000කට වැඩි පිරිසක් මහ පාරේ මිය යන්නට නියමිතය. මේ ජීවිත බේරා ගැනීමේ පුරවැසි වගකීම සෑම තනි පුද්ගලයෙක් සතුවම ඇති බව කිව යුතුව තිබේ.
අශීලාචාර රියදුරාගේ සිට අවිනීත පදිකයා දක්වා වූ පරාසය මේ වනවිට මහා මාර්ග මත දී ප්‍රකාශ කරමින් ඇත්තේ රටේ අශික්ෂිත ස්වරූපය මෙන්ම මනුෂ්‍ය ජීවිතයට ගෞරවයක් දැක්විය නොහැකි අමානුෂික සමාජයක් පිළිබඳ ජාතික ඛේදවාචකයකි.
රිය අනතුරු හුදු පුද්ගල ඛේදවාචකයක් ලෙස ලඝු කළ යුතු නැත. මේ සිදුවෙමින් ඇත්තේ අප විසින් ගණනය නොකරන ලද මහා ආර්ථික ව්‍යසනයකි.
මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සහ තුවාල අවම කර ගැනීම සඳහා කටයුතු කිරීම මගින් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට වසර 24ක කාලයක් තුළ සිය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP) 7% සිට 22% දක්වා ප්‍රමාණයකින් වර්ධනය කර ගැනීමට අවස්ථාව පවතින බව ලෝක බැංකුව සහ බ්ලූම්බර්ග් ෆිලන්ත්රොපිස් ආයතනය එක්ව සිදු කළ නවතම අධ්‍යයනයක් පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම මෙම අනතුරුවලින් වැඩි වශයෙන් මිය යන්නේ හෝ අබාධිත තත්ත්වයට පත්වන්නේ වයස අවුරුදු 15ත් 64ත් අතර පසුවන, රටක ආර්ථිකයට සක්‍රීයව දායක වන ශ්‍රම බලකාය නිසා ශ්‍රම කාර්යක්ෂමතාව අඩු වන අතර රටේ දීර්ඝකාලීන ආර්ථික වර්ධනයට දැඩි බාධා එල්ල වන අයුරු එම වාර්තාවේ අවධාරණය වේ.
ලෝක බැංකු අධ්‍යයනය අනාවරණය කරන්නේ රටක මාර්ග අනතුරු මරණ 10%කින් අඩු කිරීමට හැකි වුවහොත්, එම රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වසර 24ක් තුළ 3.6%කින් ඉහළ යනු ඇති බවය.
මේ පිළිබඳව අදහස් දක්වන බ්ලූම්බර්ග් ආයතනයේ නිර්මාතෘ මයිකල් බ්ලූම්බර්ග් පවසන්නේ, ලොව පුරා වසරකට මිලියන 1.25කට අධික පිරිසක් මාර්ග අනතුරුවලින් මිය යන බවත්, මාර්ග ආරක්ෂාව වෙනුවෙන් කරන ආයෝජන මගින් අහිමි වන මානව සම්පත සුරැකීමටත් ආර්ථිකය ශක්තිමත් කිරීමටත් හැකි වන බවත්ය.
ලෝක බැංකුවේ ප්‍රවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ හොසේ ලුයිස් ඉරිගොයෙන් සඳහන් කළේ, මාර්ග අනතුරු පාලනය කිරීම හුදෙක් ප්‍රවාහන ක්ෂේත්රයේ ජයග්‍රහණයක් පමණක් නොව, එය ගෝලීය සංවර්ධනය, මහජන සෞඛ්‍යය සහ ආර්ථික වර්ධනය උදෙසා තැබූ වැදගත් පියවරක් වනු ඇති බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ප්‍රකාරව ඇතැම් රටවල සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 3%කට ආසන්න දැවැන්ත ආර්ථික පිරිවැයක් වාර්ෂිකව රිය අනතුරු හේතුවෙන් අහිමි වන්නේය. ශ්‍රී ලංකාවත් ඉන්නේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථකථනයට ඉතාම සමීපයෙනි.
තේරුම් ගත යුත්තේ රිය අනතුරු යනු හුදෙක් සංඛ්‍යාලේඛනයක් නොවන බවය. එය රටේ සක්‍රීය ශ්‍රම බලකාය ඉලක්ක කරගත් බරපතළ ආර්ථික කඩා වැටීමක ප්රකාශනයක් බවය.
රිය අනතුරුවලින් සිදුවන මරණවලින් තුනෙන් දෙකක්ම (2/3) වයස අවුරුදු 18-59 අතර පසුවන වඩාත් ඵලදායී වැඩකරන ජනතාව අතර සිදුවීමත්, පිරිමි පාර්ශවය කාන්තාවන්ට වඩා තෙගුණයක මරණ අවදානමකට ලක්වීමත් හරහා පවුල් ඒකකවල මූලික ආදායම් මාර්ග රිය අනතුරු හරහා අහිමි වීම අවධාරණය වී ඇත.
මීට අමතරව, ප්‍රතිකාර සඳහා වැයවන අධික පිරිවැය සහ ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයින් රැකබලා ගැනීම සඳහා පවුලේ අනෙකුත් සාමාජිකයින්ට රැකියා හෝ අධ්‍යාපනය අත්හැරීමට සිදුවීම හරහා රටේ සමස්ත මානව ප්රාග්ධනය සහ ඵලදායීතාවය දරුණු ලෙස පිරිහීමට ලක්වන ආකාරය ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යා ආයතනය විසින් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණය කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2019 ගෝලීය සෞඛ්‍ය ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මරණීය සාධක අතර 9 වැනි ස්ථානයට මාර්ග අනතුරු පත්ව තිබේ. ජනගහනයෙන් සෑම ලක්ෂයකටම 19.72ක මරණ අනුපාතයක් රිය අනතුරුවලින් වාර්තා වේ.
වඩාත් භයානක තත්ත්වය වන්නේ, ආබාධිත තත්ත්වයන් හේතුවෙන් අහිමි වන ජීවන වසර (DALYs) අනුව සලකා බැලීමේදී, රිය අනතුරු ශ්‍රී ලංකාවේ රෝගාබාධ ලැයිස්තුවේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබීමයි. හෘද රෝග සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලට පමණක් දෙවැනි වෙමින් වාර්තා වන මෙම තත්ත්වය (ජනගහනයෙන් ලක්ෂයකට 930.76 DALYs), ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට සහ රජයේ මූල්‍ය ප්‍රතිපාදනවලට දැරිය නොහැකි බරක් එක් කරයි.
විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ අනතුරු මරණවලින් 48%ක්ම යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ආශ්‍රිතව සිදුවීම, මෙරට මධ්‍යම සහ අඩු ආදායම්ලාභී පවුල් වඩාත් දරුණු ලෙස ආර්ථික අගාධයකට ඇද දැමීමට හේතු වී තිබේ.
පුද්ගලිකව අප තනි තනිව අවබෝධ කරගත යුත්තේ මහා මාර්ගයේ විනය සකස් කිරීමකින් තොරව ජාතියකට එකම අඟලක් හෝ ඉදිරියට යෑමට නොහැකි බවය. මෙය නීති පද්ධතියක් මත හසුරුවන බරකට වඩා පුද්ගල අධ්‍යාත්මය තුළ ඇති කරගත යුතු පරිවර්තනයක ස්වරූපය කියයි.
මෙහිදි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රමිතියෙන් යුතුව දරුවන් වෙත යතුරු පැදිවල ගමන් කිරීමේදී හිස්වැසුම් සකස් කිරීම සදහා රොටරි සමාජයෙන් ඉල්ලීම සඳහා ලිපියක් ඉදිරිපත් කිරීමද මෙහිදි සි
අනුර ප්‍රේමලාල්
ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු



