තිබෙනවා. 2019 අප්‍රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3 කට සහ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් 3 ක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 ක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලැබුවා.
එම ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කරමින් අද උදෑසන 08.45 ට විනාඩි 02 ක නිහඬතාවයක් පවත්වන බවයි අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සදහන් කළේ. ප්‍රධාන දේව මෙහෙය කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වෙන බවද ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සදහන් කළා.
මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් විදේශිකයින් 46 දෙනෙකුටද දිවි අහිමි වුණා. එම විදේශිකයන් වෙනුවෙන් එම රටවල තානාපති නිලධාරීන්ටද කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වෙන සැමරුම් උත්සවය සදහා එක්වන ලෙසට ආරාධනා කර ඇති බවයි අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සදහන් කළේ.
පාස්කු ප්‍රහාරයෙන් පවුල් 400 කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් සදාකාලිකව ආබාධිතව රෝද පුටුවල දිවි ගෙවන පුද්ගලයින් සංඛ්‍යාව 17 අධිකයි. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ප්‍රමුඛ බෝම්බකරුවන් එල්ල කළ මෙම මිලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලබා මේ වනවිට පුද්ගලයින් 47 කට අධික සංඛ්‍යාවක් එක්තැන්ව සිටිනවා.
මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබද 97ත් වතාවක් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණද ඒ සදහා කඩිනම් පියවර නොගැනීම මෙම ප්‍රහාරයට හේතු වූ බවයි පාස්කු කොමිසමේදීද අනාවරණ වුණේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන සිටියද මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරන පරීක්‍ෂණ පිළිබද සෑහීමකට පත් නොවන බවයි අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සදහන් කළේ.
මේ අතර පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සපිරෙන අද දිනයේ කතෝලික දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.
පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සපිරෙන අද දිනයේ සියළුම කතෝලික පාසල්වල් වසා තැබෙන බවයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කළේ.