29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හා නොමග යවන තොරතුරු පැතිරවීම වැළැක්වීමට නීති සකස් කෙරේ.

අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හා නොමග යවන තොරතුරු පැතිරවීම වැළැක්වීමට නීති සකස් කෙරේ.

අන්තර්ජාලය හරහා පතුරුවන අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශවලින් ආරක්ෂාවීම පිණිස අවශ්‍ය නීති පැනවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගෙන ආ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.   

අන්තර්ජාලය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් බරපතළ තර්ජනයක් නිර්මාණය වී ඇති බව එම කැබිනට් යෝජනාවේ දැක්වේ.

“එම තත්ත්වය සමාජය බෙදීමට, වෛරය පැතිරවීමට, සහ ප්‍රජාතාන්ත්‍රික ආයතන දුර්වල කිරීමට යොදාගනු ලබන බව පෙනී ගොස් ඇත.”

එම ගැටලුව විසඳීමට මේ වන විට විවිධ රටවල් විසින් නීති පැනවීමට මේ වන විටත් කටයුතු කර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් සිදුවන හානිවලින් සමාජය ආරක්ෂා කිරීම උදෙසා නව නීතියක් හඳුන්වාදීම මගින් පුරවැසියන්ට සහ   සිවිල් සමාජයට නිවැරදි තොරතුරු සඳහා ප්‍රවේශවීමට අවස්ථාව ලැබෙන බවද එම නිවේදනයේ දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments