22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කේට් ස්නයිඩර්-2020 ලෝක විවහාක රූරැජින

කේට් ස්නයිඩර්-2020 ලෝක විවහාක රූරැජින

අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් 2020 ලෝක විවාහක රූ රැජින ලෙස එම තරඟය සංවිධානය කළ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

2020 ලෝක රූ රැජින ලෙස තේරී පත්ව සිටි ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම පිළිගැනීමෙන් අනතුරුව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

පසුගිය දා තමා ජයග්‍රහණය කළ 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හැරීමට තීරණය කළ බව කැරොලයින් ජූරි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියාය.

2021 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන අතර කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමට එම කාර්යය සිදු නොකළ බව ඇය සඳහන් කළාය.

පසුගියදා පැවති මෙරට විවාහක රූ රැජිණ තෝරාපත් කර ගැනීම සඳහා පැවති තරඟයේදී කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ අයෙකු බව පවසමින් ඇයට හිමි වූ කිරුළ එහි දෙවන ස්ථානය හිමි කරගත් තරඟකාරියට ලබාදීමට කැරොලයින් ජූරි මහත්මිය කටයුතු කළාය.

එම සිදුවීමට එරෙහිව පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් කුරුඳුවත්ත පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අදාළව කැරොලයින් ජූරි මහත්මිය සහ චූලා පත්මේන්ද්‍ර යන අය අත්අඩංගුවට ගෙන පසුව අප්‍රේල් 19 වන දා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments