සිවිල් පුද්ගලයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් යුද හමුදාවට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිශ්ප්‍රභ කර තිබේ.
හැටන් කොටගල ප්‍රදේශයේ 581 බලසේනාව පිහිටුවීමේ දී යුද්ධ හමුදාව විසින් සිවිල් පුද්ගලයන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ප්‍රදේශයේ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරනු ලබන බවට චෝදනා කරමින් අදාළ නඩුව ගොණු කර තිබුණි.
එම නඩුවේ දෙපාර්ශවයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බලා, නඩුවේ වගඋත්තරකාර පාර්ශවය යුද හමුදාව වන බවත්, රජයේ පාර්ශවයක් වන යුද හමුදාව මඟින් පැමිණිලිකරුවන්ට එරෙහිව සාමය කඩවීමක් සිදුවී ඇති බව පැමිණිලිකරුවන් විසින් ඔප්පුකර නොමැති බව මහෙස්ත්‍රාත් එන්.පටබැඳිගේ මහත්මිය පැවසුවාය.