ඕනෑම භාණ්ඩයක් හෝ පොහොර මිලදී ගැනීමට පෙර එහි උපරිම සිල්ලර මිල (MRP) සහ කල් ඉකුත්වීමේ දිනය පරීක්ෂා කරන්න.
නියමිත පාලන මිලට වඩා වැඩිපුර ගෙවීමෙන් වළකින්න.
භාණ්ඩ සඳහා අනිවාර්යයෙන්ම බිල්පතක් ඉල්ලා සිටින්න.
පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් ගැන වහාම අපට දැනුම් දෙන්න:
කෙටි ඇමතුම් අංකය: 1977 (කාර්යාල වේලාවන් තුළ)
ගොවිමහතුන්ගේ අසරණකමින් ප්‍රයෝජන අරගෙන වැඩි මිලට පොහොර විකුණන අයට නීතියෙන් බේරෙන්න බැහැ. මාතර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අකුරැස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් මේ බව යළිත් තහවුරු වුණා.
අදාළ වෙළෙඳසැල මගින් තේ පොහොර (T 200) කිලෝග්‍රෑම් 25 මිටියක මුද්‍රණය කර තිබූ රුපියල් 4,125 ක උපරිම සිල්ලර මිල (MRP) කපා හැර, එය රුපියල් 4,800 කට අලෙවි කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් උපාය දූතයෙකු යොදවා මෙම වෙළෙඳසැලෙන් පොහොර මිලදී ගෙන මෙම වංචාව තහවුරු කරගත්තා.
නඩු භාණ්ඩත් සමඟ වරදකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඊයේ (මැයි 20) මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වෙළෙඳසැලට රුපියල් 16,000 ක දඩයක් නියම කළා. ⚖️