29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අභ්‍යන්තර අර්බුද තිබෙන පක්ෂ ඒවා විසඳාගන්නාතෙක් අක්‍රීය තත්ත්වෙහිලා සළකනවා. මැතිවරණ කොමිෂන් සභාව

අභ්‍යන්තර අර්බුද තිබෙන පක්ෂ ඒවා විසඳාගන්නාතෙක් අක්‍රීය තත්ත්වෙහිලා සළකනවා. මැතිවරණ කොමිෂන් සභාව

අභ්‍යන්තර අර්බුද විසඳා ගැනීමට අපොහොසත්වන පක්ෂ එම අර්බුදය විසඳා ගන්නාතෙක් අක්‍රිය තත්ත්වයෙහිලා සැළකීමට හා එම පක්ෂ ඡන්ද විමසීම්වලදී නාමයෝජනා ඉදිරිපත් කිරීම සඳහා පමණක් තාවකාලිකව පිළිගැනීමෙන් වැළකී සිටින බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.

අභ්‍යන්තර අර්බුද හේතු කොට ගෙන කණ්ඩායම් කිහිපයක් මගින් කියනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සම්බන්ධව මැතිවරණ අවස්ථාවකදී අදාල කණ්ඩායම් කැඳවා තොරතුරු විමර්ශනය කොට කොමිෂන් සභාවට පිළිගත හැකි පාර්ශවය එම පක්ෂයේ නිලලත් කණ්ඩායම ලෙස පිළිගැනීමටත් එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පිළිගත් දේශපාලන පක්ෂ 2019 වසරට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු විගණනය කරන ලද ගිණුම් වාර්තා නියමිත දින වකවානුවලදී ලබාදී නොමැති පිළිගත් දේශපාලන පක්ෂ 04ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කළ අතර දේශපාලන පක්ෂ දෙකක් එහිදි කළ ඉල්ලීමකට අනුව එම වාර්තා ලබාදීම සහන කාලයක් ලබාදීමටත් කොමිෂන් සභාව වෙත නොපැමිණි හා එම වාර්තා ඉදිරිපත් නොකළ දේශපාලන පක්ෂ දෙකක් පිළිබඳ අවස් තීන්දුවක් ඊළඟ කොමිෂන් සභාරැස්වීමේදි ගැනීමටද මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments