Homeදේශීය පුවත්ජාතික යොවුන් සේනාංකය වෙසක් සමරයි..

ජාතික යොවුන් සේනාංකය වෙසක් සමරයි..

ජාතික යොවුන් සේනාංකය විසින් වෙසක් පොහොය දිනය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වනු ලබන “යොවුන් බැති ගී සරණිය 2026” සහ අයිස්ක්‍රීම් දන්සැල ජාතික යොවුන් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති දිනිඳු සමන් කුමාර මහතා සහභාගී වූ අතර ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බී. ඒ. ගාමිණී වික්‍රමපාල මහතාගේ පූර්ණ මඟපෙන්වීම යටතේ සහ සභාපති නලින් රදම්පල මහතාගේ මැදිහත්වීමෙන්, මූලස්ථාන කාර්ය මණ්ඩලයේ ශ්‍රමදායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

මේ සඳහා බස්නාහිර පළාත් අධ්‍යක්ෂවරයාගේ ද සහයෝගය හිමිව තිබෙන අතර, මෙහි බැති ගී ගායනා කිරීම් ජාතික යොවුන් සේනාංක යක්කල සෞන්දර්ය පුහුණු පාසලේ සෞන්දර්ය උපදේශකයින් සහ පුහුණුලාභීන් විසින් අලංකාරවත් ලෙස ඉදිරිපත් කෙරිණි. මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංක මාණ්ඩලික නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් ද එක්ව සිටියහ.

මීට සමගාමීව, ජාතික යොවුන් සේනාංකය පළාත් මට්ටමින් ද වෙසක් උත්සවය වෙනුවෙන් පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණු අතර පළාත් අධ්‍යක්ෂකවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, ජාතික යොවුන් සේනාංකයේ පළාත් මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල සහ ඉගෙනුම ලබන පුහුණුලාභීන්ගේ එකමුතුවෙන් වැඩසටහන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව දන්සැල් 34 ක්, ධර්ම දේශනා සහ කවි බණ 44 ක්, වෙසක් කූඩු සහ සැරසිලි කලාප 43 ක්, බැති ගී සරණි 06 ක්, ලේ දන්දීමේ කඳවුරු සහ ශ්‍රමදාන වැඩසටහන් රැසක් තරුණ පරපුර දහමට නැඹුරු කරමින් සිදුකළ මෙම ජාතික හා ආගමික මෙහෙවරට අයත් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments