22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වත්මන් කොවිඩ් ප්‍රභේදය අලුත් එකක්,මර්දනයට ජනතා සහය අත්‍යාවශ්‍යයි.

වත්මන් කොවිඩ් ප්‍රභේදය අලුත් එකක්,මර්දනයට ජනතා සහය අත්‍යාවශ්‍යයි.

කෙතරම් උපදෙස් ලබාදුන්න ද මේ වනවිටත් බොහෝ පිරිසක් විනෝද චාරිකා සංවිධානය කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

වර්තමාන කොවිඩ් -19 වෛරස තත්ත්වය අතිශයින් භයානක බව පෙන්වාදෙන රාජ්‍ය අමාත්‍යවරයා සංචාරක කටයුතු හැකිතාක් අවමකරන ලෙස දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, 

“නව වෛරස් ප්‍රභේදයේ ජාන පෙළගැස්ම නිශ්චිතව හඳුනා ගැනීමට තවත් දින කිහිපයක් ගතවන බවයි දැනුම් දී තිබෙන්නේ. දැනට කරපු පරීක්ෂණවලින් පැහැදිලියි නව වෛරස් ප්‍රභේදයක් තමයි මතු වෙලා තියෙන්නේ. ඒක බොහෝ දුරට බ්‍රිතාන්‍ය කෙන්ට් ප්‍රදේශයෙන් පැතිර ගිය වෛරස් ප්‍රභේදයට සමාන එකක් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.  ස්පුට්නික් එන්නත තව දින කිහිපයකින් අපේ රටට ලඟා වෙනවා. එවිට දෙවන අදියර ආරම්භ කිරීමට නියමිතයි ස්පුට්නික් එන්නතත් සමඟ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති 2ක ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ සයිනොෆාම් එන්නත ඔවුන්ගේ හදිසි ලැයිස්තුගත කිරීම් යටතට පත් කරයි කියලා. ලංකාවට මේ වනවිට ලක්ෂ 6ක් ලැබි තිබෙනවා සයිනොෆාම් එන්නත්. එ්කෙත් 4000ක පමණ ප්‍රමාණය තමයි ලංකාවේ සිටින චීන ජාතිකයින්ට ලබා දී තිබෙන්නේ. ඉතිරි එන්නත් ප්‍රමාණය ශ්‍රී ලාංකිකයිට ලබාදීම සඳහා අපි කටයුතු කරනවා. වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අපි ඉතාම සිරුවෙන් කටයුතු කරනවා. එම තත්ත්වය පාලනය කිරීම සඳහා අප රටේ සියලුම භෞතික සම්පත් සහ මානව සම්පත් යොදවලා තියෙනවා. එය සාර්ථක කරගැනීම සඳහා ජනතාවගෙන් අප විශේෂ සහායක් බලාපොරොත්තු වෙනවා. සති අන්තයේ නිවෙස්වල රැඳී  සිටින්න. මේ යන්නේ නව ප්‍රභේදයක්. වෛරසය වෙනදාට වඩා ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. රෝග ලක්ෂණ එන්නේ ශරීරයේ පෙනහළුවලට යම් හනියක් සිදුවුණායින් පස්සේ. ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එම තත්ත්වය පාලනය කරගැනීම සඳහා අපිට සහයෝගය ලබා දෙන්න.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments