21.9 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeදේශීය පුවත්විපක්ෂනායක විදෙස් තානාපතිවරු හමුවෙයි.

විපක්ෂනායක විදෙස් තානාපතිවරු හමුවෙයි.

යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi, ප්‍රංශ තානාපති Eric Lavertu, ඉතාලි තානාපතිනි Rita Giuliana Mannella, ජර්මන් තානාපති Holger Seubert, රොමේනියානු තානාපති Victor chiujdea යන රාජතාන්ත්‍රික නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (27) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.වර්තමානයේ පවත්නා කොරෝනා ව්‍යසනය අබියස ලෝකය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත්, ඊට සමගාමීව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වයත් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර මෙම ව්‍යසනය කළමනාකරණයේ දී ඇතිවී තිබෙන දුර්වලතා පිළිබඳවද අවධානය යොමු කරනු ලැබීය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන මහත්වරුද, සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ජේෂ්ඨයින් වන ආචාර්ය රොහාන් පල්ලේවත්ත, ආචාර්ය ගිහාන් ගුණතිලක, හරීම් පීරිස් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments