21.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeව්‍යාපාරික පුවත්ජාතික ණය සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අනුමැතිය

ජාතික ණය සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අනුමැතිය

සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාවසායකයින්ට සහාය විම සඳහා ජාතික ණය සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වු බව අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ, සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාවසායකයින් දිරි ගැන්වීම හා නිෂ්පාදන රටාව වැඩි කිරීමේ අරමුණින් මෙය ස්ථාපිත කරන බවය. එසේම යම් ණය මුදලක් ලබා ගැනීමට යාමේ දී බැංකු මඟින් එම ණය මුදලට ඇපයක් තැබීමට සිදු වීම ද මෙම ව්‍යාවසායකයින් මුහුණ දෙන ප්‍රධාන ගැටලු අතර වේ. ඒ හේතුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශය යටතේ මෙම ජාතික ණය සුරැකුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරිමටත්, මහා බැංකුව හා මුදල් අමාත්‍යාංශය යටතේ ආවරණය වන මුල්‍ය ආයතනයන්ට මෙම ඒකකය හරහා සහතියක් ලබා දිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments