කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිගයක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. කළුබෝවිල ශීක්‍ෂණ රෝහලේ සහ මුල්ලේරියාව රෝහලේ ඔක්සිජන් හිඟයක් නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අද මේ බව ප්‍රකාශ කළා.