කුඩා දරුවන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රවේසම්කාරී විය යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ ගැබිණි මව්වරුන්ට මෙම වෛරසය ආසාදනය වුවහොත් සංකූලතා ඇතිවීමේ අවදානමක් ද ඇති බවයි.
නිරෝධායන මධ්‍යස්ථානවලින් මෙන්ම රෝග ලක්ෂණ සහිතව රෝහල්වලට පැමිණෙන පිරිස් අතරින් ද මේවනවිට කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනෙන බැවින් ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්යය බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් පෙන්වා දුන්නේ.