ලීටර් 18 හයිබ්‍රිඩ් ප්‍රීමියර් ගෑස් සිලින්ඩර නව නිෂ්පාදනයක් ලෙස වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ නම් කරුණු කිහිපයක් පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමට යටත්ව එසේ ක්‍රියා කිරීමට ලිට්රෝ ගෑස් සමාගමට අවසර හිමිව ඇත.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පෙන්වා දෙයි.
කෙසේවෙතත් රට තුළ පාරිභෝගිකයින්ගේ දෛනික අවශ්‍යතාවය සඳහා හිඟයකින් තොරව කිලෝග්‍රෑම් 12.5කින් යුත් සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළෙඳපොළට නිකුත් කිරීමට ද ලිට්රෝ ගෑස් සමාගම සහතික වී ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5කින් යුත් සාමාන්‍ය ගෑස් සිලින්ඩරය රුපියල් 1,493ක මිලකට පාරිභෝගිකයාගේ අභිමතය පරිදි අදාළ නියෝජිතයන් හරහා ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සඳහන් කරයි.
ඒ අනුව ලීටර් 18 හයිබ්‍රිඩ් ප්‍රීමියර් ගෑස් සිලින්ඩරය වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ නම්,
නව නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය
එම සිලින්ඩරයේ තිබෙන ගෑස් ප්‍රමාණය සහ මිල
එම සිලින්ඩරය වර්තමානයේ වෙළෙඳපොළ තිබෙන සිලින්ඩරවලට වඩා වෙනස්ව හඳුනා ගැනීමට හැකි වීම
යනාදී කරුණු සම්පූර්ණ කළ යුතුය.
ඒ අනුව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ කිලෝග්‍රෑම් 12.5කින් යුත් සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට නොහැකි නම් ඒ බව 1977 අංකයට දැනුම්දෙන ලෙසය.