23.1 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeදේශීය පුවත්ඉදිරි සතිදෙකේ හෝටල් සාද හා සමාජශාලා රාත්‍රි 10ට වැසිය යුතුයි.හමුදාපති

ඉදිරි සතිදෙකේ හෝටල් සාද හා සමාජශාලා රාත්‍රි 10ට වැසිය යුතුයි.හමුදාපති

හෝටල්වල සිදුකරන සාද, රැස්වීම් සහ රාත්‍රී සමාජශාලා ක්‍රියාකාරකම් අද (01) රාත්‍රී 10.00න් පසු පැවැත්වීම තහනම් බවත් මෙම නීතිය අද සිට ඉදිරි සති 02 ක කාලය සඳහා බලපැවැත්වෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් භාන්ඩ මිලදී ගැනීමට වෙළෙදසැල් තුලට ජනතාව යෑමේදී ඔවුනොවුන්ගේ ශාරීරික දුරස්ථභාවය තබා ගත හැකි පරිදි කටයුතු කරනලෙසත්, එමෙන්ම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වෙළෙදසැල් හිමියන්ගෙන් ද ඉල්ලා සිටින බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments